Colombo Today Local NewsExclusive :

මිස්ටර් බදුර්දීන් නම්බුව තියාගෙන දැන් යන්න – ඥානසාර හිමි

“ටයි කෝට් ඇදලා, වැදගත්කමට මහත්තයකම පෙන්නන මිස්ටර් බදුර්දීන් දැන් යන්න” යනුවෙන් බොදු බල සේනා නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද(26) රාජගිරිය බොදු බල සේනා ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්, සදහන් කර සිටියා.

රවී කරුණානායක හිටපු ඇමතිවරයා සිදුකලාක් මෙන් පරීක්ෂණ අවසන්වනතුරු ඇමති බදුර්දීන් ඉල්ලා අස්වි, මහත්මකම පෙන්වියයුතු බව සදහන් කල ඥානසාර හිමි බොරුව කවදාවත් සැඟවිය නොහැකි බව පෙන්වා දුන්නා.බදුර්දීන් ඇමතිවරයාගේ මුලිකත්වයෙන් විල්පත්තුව පමණක් නොව මන්නාරම,මුලතිව්,අම්පාර යන ප්‍රදේශයේ වනාන්තර විනාශ කිරීම වහා නැවැත්විය යුතු බව පෙන්වාදුන් ඥානසාර හිමි විගනනධිපති වාර්තාවට අනුව විදිමත් පරීක්ෂණයක් කලයුතු බව අවධාරණය කර සිටියා.

රටේ ජනාධිපතිවරයා පරිසරය රැකගතයුතුබව අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර සිටියාක් මෙන්, තම විධායක බලය පාවිච්චි කර හෝ පරීක්ෂණ කටයුතු අවසන් වෙනතුරු රිෂාද් බදුර්දීන් ඇමතිවරයා පැත්තකට කර තැබිය යුතුබව මෙහිදී අවධාරණය කෙරුනා.

බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතාද මෙම මාධ්‍ය හමුව සදහා එක් විය.

Related posts

රාජිත ඇන ගනී – බරපතල වංචා දුෂණ විභාග කිරීමට FCID සුදානම්

colombotoday

අපේ ඉල්ලීම් ලබා දී, ජිනීවා පොරොන්දු ක්‍රියාත්මක කළ හැක්කේ සජිත්ටයි… එනිසා අපේ සහය ඔහුටයි – TNA නිවේදනය කරයි

colombotoday

සේරුවිල විහාරාධිපති තනතුර කොටපොළ අමරකිත්ති හිමියන්ට – අධිකරණය තහවුරු කරයි

colombotoday

සජබේ ඉන්න බුද්ධිමත් මෝඩයෝ මෙන්න

Admin

රවී ඇතුළු 10 කට වරෙන්තු

colombotoday

චීන දුම්රිය ධාවනයෙන් රියදුරෝ ඉවත්වෙති.. ගමන්වාර 120ක් අවලංගුයි.. හෙට දුම්රිය වර්ජනයක් !

colombotoday