Colombo Today Local News

සන්නස්ගලට නොතීසි

ලබන මැයි මස 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් සිංහල ආචාර්යවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන අයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නොතීසි නිකුත් කර තිබේ.

ඒ බුදුන්වහන්සේට සහ බෞද්ධ ආගමට නිගාකරමින් “බුදුන්ගේ රස්තියාදුව” නමින් ග්‍රන්ථයක් ලියා මුද්‍රණය කර බෙදා හැරියැයි කියන සිද්ධියකට අදාළවයි.

‘බුදුන්ගේ රස්තියාදුව’ නම් ග්‍රන්ථය රචනා කර මුද්‍රණය කර බෙදා හැරීමේ කටයුතු කළ අයවලුන් මෙම නඩුවේ සැකකරුවන් ලෙසට නම් කරන ලෙසට නිතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් එහෙයින් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් වීමට නොතීසි නිකුත් කරන ලෙසත් ඉල්ලමින් අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසය ඊයේ (29)දින අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුළ ඉතා පහත් සහ නිහීන ලෙස බුදුන් වහන්සේට නින්දා හා අපහාස කර ඇති බවත් එම ග්‍රන්ථය මගින් සමස්ත බුදු දහම නිගාවට ලක්කොට ඇති බවත් සඳහන් කරමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉකුත් 2018 අගෝස්තු මස 20 වැනිදා කළ පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

Related posts

හිටපු අගමැති දේහය පාර්ලිමේන්තුවට (Photo)

colombotoday

හමුදාවට මඩ ගහන තවත් වාර්තාවක් මානව හිමිකම් සමුළුවට !

colombotoday

අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර පනත ක්‍රියාත්මකයි.. කතානායක අත්සන් තබයි

colombotoday

සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පහසු කිරීමට මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක්

colombotoday

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. දුමින්ද සිල්වාගේ රියදුරු මරුට !

colombotoday

20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට !

colombotoday