Colombo Today Local News

13නේ කතාව දේශපාලන ගේම් එකක්. ජාතිවාදීන්, අන්තවාදීන් එලියට බැහැලා ගැටුමක් නිර්මාණය කරන්නයි මේ කතාව ගෙනාවේ.

ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් නැවත වරක් රට අපායක් කිරීමට ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් සුදානම්වන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහ ලේකම් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා පානදුර ප්‍රදේශයේ පැවති මැතිවරණ රැස්වීමකට සහභාගිවෙමිනි.

එහිදී අදහස් දැක්වූ ගුණරත්න මහතා…

මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ජනතාවගේ කැමැත්තකින් තොරවයි. හැට නව ලක්ෂයක ජනවරම ලැබුණු ජනාධිපතිවරයා අද ඉන්නේ ගෙදර හැට අට ලක්ෂයක පාර්ලිමේන්තු බලය ලැබුන අගමැතිවරයා අද ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු ජනතා කැමැත්තක් නැති රනිල් වික්‍රමසිංහ මහත්තයා අද රට පාලනය කරනවා පොහොට්ටුවේ කෘතීම කැමැත්තක අරගෙන මහජන එක්සත් පෙරමුණේ නායකයා අගමැතිකම් කරනවා පැහැදිලිවම මේක ජනතා පරමාධිපත්‍ය විකෘත්ති කිරීමක්. කවුද මේ අයට රටක් පාලනය කරන්න ජනතා වරමක් දුන්නේ.

අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවේ ආණ්ඩුවට ආපු ජනතා විරෝධය නිසා ඔහු ධූරයෙන් ඉල්ලා අස්වුණා ඊට පස්සේ ඒ ජන වරම අහෝසියි. ඒක වර්තමාන අගමැති දිනේෂ් ගුනවර්ධනටත් වලංගුයි ඔහුත් අහෝසියි. ඒ වගේම ව්‍යවස්ථා සෙල්ලමකින් බලයට ආපු වර්තමාන ජනාධිපතිවරයා මේ කරන්න හදන දේවල් කරන්නේ කොහොමද ඔහුට කවුද ජනතා වරමක් දුන්නේ. ජනාධිපතිට කෘතිමව හෝ හදාගත් ජනතා වරමක් තියෙනවා කියල ඔහු විශ්වාස කරනවා නම් ඇයි මේ තරම් මැතිවරණවලට බය කියල අපි ඔහුගෙන අහනවා.

මේ ජනාධිපති විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නකොට කියපු ආර්ථික හාස්කම් පෙන්නලා තියෙනවද කියල අපි පැහැදිලිව ඔබෙන් අහනවා. ඔහු කරන්නෙත් අයි.එම.එෆ් සරණ යාමත් බඩු මිල වැඩි කිරීමත් ජනතාව මත වක්‍ර බදු අය කිරීමත් පමණයි. මුදල් අච්චු ගහන එක නතර වෙලාද හොරකම වංචාව නාස්තිය නතර කරලද පහුගිය ආණ්ඩුව කරපු දුෂණයට හොරකමට වංචාවට එරෙහිව කිසිදු පියවරක් අරගෙන තියෙනවද නැහැ. අරගලයෙන් මතුවූ කිසිවකට ඔහුගෙන් උත්තර ලැබිලා තියෙනවද නැහැ. අපි පැහැදිලිව කියනවා වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් දැන් අසමත් බව පෙන්නලා ඉවරයි. ඔහු වසර හතලියක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කෙරුව මැති ඇමතිකම් දරුවා අගමැති ධුරය හතර වතාවක් දැරුවා ඔහු ඉදිරිපත් කරපු කිසිම වැඩපිළිවෙලක් මේ පොලවේ පැල කරන්න ඔහුත් ඔහුගේ කණ්ඩායමත් අසමත් වෙලා තියෙන ඔහු දැන් කරන්නේ ඔහුට බලය දුන්න පොහොට්ටුවේ දුෂිතයන් ආරක්ෂා කිරීම පමණයි.


අද රටේ මිනිස්සු අපා දුක් විදිනවා ජනාතිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කෝටි ගානක් වියදම් කරලා ජනතාවට නැති නිදහසක් සමරනවා ජනතාවට ආර්ථික නිදහසක් නැහැ සිවිල් හා දේශපාලන නිදහසක් නැහැ වෘත්තීය වේදීන්ගේ වැටුප් මත ඍජු බදු පැනවීමෙන් ඒ මිනිස්සුන්ගේ ජීවත්වීමේ නිදහස පවා නැති කරපු ආණ්ඩුවක් මේක. උගතුන් බුද්ධිමතුන් රට හැර යනවා වෘත්තීයවේදීන් රට හැර යනවා රටේ තරුණ ශ්‍රම බලකාය රටින් යනවා අයි.එම්.එෆ් එකෙන් මොනවහරි දෙනතුරු බලන් ඉන්නවා හැර මේ ජනාධිපතිට ආණ්ඩුවට තියෙන විකල්පය මොකක්ද? හොරුන්ගේ කරට අතදාගෙන ඉන්න මේ ජනාධිපති විශ්වාස කරයිද ජාත්‍යන්තර මුල්‍ය සංවිධානය චීනයට ඉන්දියාවට රටේ කෑල්ල කෑල්ල විකුණමින් තව පැත්තකින් බලය බෙදන්න කතා කරලා රටේ නැති අර්බුධයක් නිර්මාණය කරනවා මේ ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් නැහැ ජනතාවට ඉතින් කොමද ජාත්‍යන්තර සංවිධාන මේ ආණ්ඩුව විශ්වාස කරන්නේ.


රටේ මේ තරම් ගැටළු තිබියදී ජනාධිපති 13 වැනි සංශෝධනයක් ගැන කතා කරලා රට ජාතිවාදීව ආගම්වාදිව ගිනි තියන්න හදනවා.අපි පැහැදිලිව කියනවා මේ 13 නේ කතාව දේශපාලන ගේම් එකක්. අනාතවෙලා හිටපු ජාතිවාදීන්ට හා ඒ පිරිසට නායකත්වය දෙන අන්තවාදී පිරිස්වලට එලියට බැහැලා රටේ දේශපාලන ගැටුමක් නිර්මාණය කරන්නයි මේ කතාව ගෙනාවේ. අවශ්‍ය ගැටුමක් නිර්මාණය කරලා හදිසි නීතිය දාලා ඒ හරහා මැතිවරණය කල් දැමීමේ සුදානමක් මේක යට තියෙනවා අපි ජනතාවට කියනවා මේ උගුලේ පැටලෙන්න එපා කියලා එහෙම වුනොත් අරගලය හරහා පන්නා දැමු හිටපු හොරු ටිකම නැවත බලයට එනවා රට තිබෙන්නේ හැගීමෙන් තීරණ ගන්න ඕනේ තැනක නෙවෙයි. බුද්ධියෙන් තීරණ ගන්න ඕනේ තැනකයි ” යනුවෙන් සදහන් කළේය.

Related posts

එස්.බී. වැටුණු අසූචි වළට අපිවත් අදින්න හදනවා – විමල්

colombotoday

දුරකථන බද්දෙන්, ‍රිදෙන්න වැදුණු අය ඉරිදට එන්න – මහ විරෝධයක් ඇල්විටිගලදී

colombotoday

සතොසෙන් කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2400කට

colombotoday

යන යකා කොරහත් බිඳගෙනම යයි… ආණ්ඩුවේ තවත් පාපකර්මයක් හෙලිවෙයි…

colombotoday

ජනපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක් !!

colombotoday

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් සහ බලධාරීන් සිමෙන්ති සංස්ථාවට කෝටි 40ක පාඩුවක් සිදු කරලා

colombotoday