අක්මීමන ප්‍රාදේශීය සභාවට මෙවර ජනතා විමුක්ති පෙරමුණෙන තරග කරන අපෙක්ෂකයෙකු ඇතුළු විත්තිකරුවන් නම දෙනෙකුට එරෙහිව පවරා ඇති මිනී මැරුම් නඩුව ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ විත්තිකරුවන් නම දෙනාම පෙබරවාරි 12 දක්වා රක්ෂිත බන්ධනාගරගත කිරීමට පෙරේදා 30 නියෝග කෙරිණි.
මෙම නඩුවේ තුන්වන විත්තිකරු වන යටලමත්ත ගමගේ අතුල කුමාර යන අය මෙවර පළාත් පාලන මැතිවරණයේදී අක්මීමන ප්‍රාෙද්ශීය සභවට තරග කරන අපෙක්ෂකයෙකි.
අක්මීමන පොලිස් වසමේ හියාරේදී වසර 2006 නොවැම්බර් 14 වැනිදා සමරවීර ආරච්චිගේ මිහිර ප්‍රියන්ත යන අයට කඩුවලින් පහර දි ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව ගාලු මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇත.