Colombo Today Local News

නුවර ප්‍රධාන පෙළේ හෝටලයක වෙඩින් 3කට ගිය 600ක් ලෙඩ වෙයි.

මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති විවාහ උත්සව කිහිපයක් සඳහා සහභාගි වූ බව කියන හයසීයක් පමණ වූ පිරිසක් හදිසියේ රෝගාතුර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂණ පවත්වයි.

මීට දින කිහිපයකට පෙර එම හෝටලයේ විවාහ මංගල උත්සව තුනක් පවත්වා ඇති අතර එම මංගල උත්සව තුනට සහභාගි වූ හයසියයක් පමණ වූ පිරිසක් වමනය, පාචනය සහ උණ රෝගවලින් පෙළීම හේතුවෙන් ඔවුන්ට රජයේ සහ පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව තිබේ.

මෙදින මහනුවර ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුගේ පවුලේ සාමාජිකයෙකුගේ විවාහ උත්සවයක් ද අදාළ හෝටලයේ පවත්වා ඇති අතර ඔවුන් මධුසමය ගත කිරීම සඳහා විදේශ ගතවීමෙන් අනතුරුව ඔවුන්ට එහිදී රෝහල්ගත වීමට සිදුවී ඇති බව ද කියති.

හෝටලයේ ආහාර ගත් පිරිසට කිසියම් අසාත්මිකතාවක් ඇතිව තිබෙන බව ත්, එම හෝටලයේ ජලයෙන් එම අසාත්මිකතාව ඇති විය හැකි බවට අනුමාන කරන හෙයින් එම හෝටලයේ ජල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමු කළ බව ත් ගඟවට කෝරලේ ප්‍රාදේශීය සභාවේ ඉහළ නිලධාරියෙකු සදහන් කරයි.

Related posts

ෆේස්බුක් වැරදි අපරාධ නීතියට ඇතුළත් කරයි. වැරදි කළොත් දැඩි දඩුවම්

colombotoday

“හමුදාව ඉවත් කර අතුරුදන්වූවන් සොයනු“ උතුරු නැගෙනහිර හර්තාල්.. ජන ජීවිතය අඩාලයි

colombotoday

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට පැමිණි නුවරඑළියේ පිරිස ආපසු හරවා යැවේ.

colombotoday

ගවයන් බදින්න ගිය දෙදරු පියකුගේ මළ සිරුර මාළු දැලක පැටලි එයි

colombotoday

මේ ආණ්ඩුව මුක්කු ගසාවත් කෙළින් කල නොහැකියි.. එන ඡන්දයේදී පරාජය අනිවාර්යයි…

colombotoday

විකෘති ආගමික ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

Admin