Colombo Today Local News

උතුරෙන් බුද්ධාගම අහෝසි වෙලා – විග්නේෂ්වරන් කියයි

බුද්ධාගම උතුරෙන් අහෝසි වී ඇති බවත් එවැනි අහෝසි වූ ආගමකට සහාය දැක්‌වීමෙන් ද්‍රවිඩ සන්ධානය වැරැද්දක්‌ කර ඇති බවත් උතුරු මහ ඇමැති සී. වී විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

යාපනයේ කයිලාසපති ශාලාවේ පැවැති ද්‍රවිඩ ජනතා කවුන්සිලයේ සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධ අතුරු වාර්තාවට සහාය දැක්‌වීමෙන්ද ද්‍රවිඩ සන්ධානය තවදුරටත් වැරැද්දක්‌ කර ඇතැයි හෙතෙම තවදුරටත් පවසයි.

යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමත් බලය විමධ්‍යගත කිරීමත් ද්‍රවිඩ ජනතාවට අවශ්‍යම දෙයක්‌ බවද විග්නේෂ්වරන් මහතා එම සමුළුව අමතමින් කීවේය.

කීර්ති වර්ණකුලසූරිය -දිවයින

Related posts

ෆේස්බුක් සමාගමෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්…

colombotoday

අතුරුගිරිය හුවමාරුව යළි ඇරේ

colombotoday

මැයි 24 – 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

මාලිමාව වැඩේ ඇනගත්තොත් දුවන්න පාරවල් හොයන්න වෙයි

Admin

“කුරියර් සේවා” අත්‍යවශ්‍ය සේවාවක්. කිසිදු තහංචියක් පනවා නෑ. සමාගම් හැඳුනුම්පත සහ ලේඛන පෙන්වා ගමන් කල හැකියි.

colombotoday

ඉන්දීය ප්‍රදානයක් යටතේ සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

colombotoday