ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බැසිල් රාජපක්ෂගේ භූමිකාව ප්‍රබල ලෙස මතුවීම නිසා සෙස්සන්ට එම පෙරමුණ තුළ ඇති බලය අහිමි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා කෑගල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.
අද වන විට පක්ෂයේ කිසිම අපේක්ෂකයෙකුට සංවිධාන ශක්තියක් ලබා දී නැහැ. ජාතික මැතිවරණ කමිටුවක් සකස් කරලත් නැහැ. හිටපු මන්ත්‍රීවරුන්ට සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට 10% ක අපේක්ෂකත්වයක් ලබාදීලා ඉතිරි පුරප්පාඩු වැඩිම ලකුණු ලබාගත්ත අයගෙන් පුරවන්න කියලා ඉල්ලීමක් කළා. නමුත් ඒ එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ යැයි ද ඔහු කීය.
අනුරුද්ධ පොල්ගම්පොල මහතා පසුගිය දා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් විය.