Colombo Today Local News

රාමසාන් උත්සවයකට ගිය මන්ත්‍රී අලි සබ්ර් ජනතා විරෝධ හමුවේ තහඩු වැටකින් පැන යයි

වනාතවිල්ලුව කරතිව් ප්‍රාථමික පාසලේ පැවති රාමසාන් උපවාස උත්සවයකට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්ර් රහිම් මහතාට එල්ල වු ජනතා විරෝධය හමුවේ පිටුපස තහඩු වැටෙන් පැන යාමට සිදුව බව වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරියෙක් පවසයි.

කරතිව් මුස්ලිම් ප්‍රාථමික පාසලේ 17 දින සවස අලි සබ්රි මහතාගෙ ආධාරකරුවන් විසින් කුඩා රැස්විමක් සමග රාමසාන් උපවාස උත්සවයක් සංවිධානය කර තිබු බවත් එයට සහභාගි වී සිටියදි කඩා වැදුන ගම්වාසින් විසින් මෙසේ මන්ත්‍රිවරයාට විරෝධය මතු කර ඇති බව පොලිසිය කියයි.

ජනතාව මෙසේ විරෝධය මතුකර ඇත්තේ 18 දින රජයේ නියෝජ ඇමති ධුරයක් මන්ත්‍රි අලි සබ්රි මහතා ලබා ගැනිමට සුදානමක් පවතින බවට ලැබුන තොරතුරකට බව කියයි.

ඒ සමගම මන්ත්‍රිවරයා රජයෙන් ඉවත් වන ලෙසටද ජනතාව විරෝධය මතු කර ඇත.

Related posts

සියලු මගීන් කටුනායකින් ඇතුලු වීම නවත්වයි.

colombotoday

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට එරෙහි සිතාසිය බලරහිත කරයි

Admin

ගුවන් තොටුපළෙන් පන්නන්න ගිය කෝටි දෙකක රන් බිස්කට්

colombotoday

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

colombotoday

“සර්, ඇත්තටම වංචාවක් වෙලාම නැද්ද” – රන්ජන් කෘත්‍යාධිකාරියේදී අගමැතිගෙන් මූණටම අසයි

colombotoday

SAITM වහන්න GMOA සමග ජවිපෙ එක්වෙයි !!

colombotoday