මධ්‍යම රජය විසින් උතුරු පළාත් සභාවට අවශ්‍ය සියළුම බලතල ලබාදියයුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා 8 දා දහවල් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේම පවසා තිබේ.
ප්‍රධාන අමාත්‍යවරයා එසේ පවසා ඇත්තේ නව අවුරුදු උදාව වෙණුවෙන් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති උත්සවය අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා මහඇමතිවරයාගේ අරමුදල් සහ ලේකම්වරුන්ගේ පැවරීම් සම්බන්ධයෙන් මධ්‍යම රජය මීට වඩා බලතල ලබාදිය යුතු බව ද ප්‍රකාශ කොට තිබේ.
උතුරු පළාත් සභාවේ කාලය තව වසරකට වඩා නොමැති නිසා එම කාලය අවසන් වීමට පෙර පූර්ණ බලතල සහිත උතුරු පළාත් සභාවක් දැකීම තම එකම අභිප්‍රාය බවද සී.වී.විග්නේස්වරන් මහතා මෙහිදී පවසා තිබේ.