Colombo Today Local News

උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයි

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ උමං මාර්ගයේ ඇති වූ ජල කාන්දුව සම්පූර්ණයෙන් නවතා දැමීම සඳහා පියවර ගෙන ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පැවැසීය.

ඒ අනුව උමං මාර්ගය තුළට ජලය කාන්දු වීම ද ක්‍රමානුකූලව අඩු වූ බවත් ජල කාන්දුවීමට බල පෑ ස්‌ථාන බදාම ආලේප කර සම්පූර්ණයෙන් ම වසා දැමීමට පියවර ගත් බවත් ලේකම්වරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට්‌ 120 ක ජල විදුලියක්‌ උත්පාදනය කරන අතර, හෙක්‌ටයාර් 30,000 ක්‌ පමණ වූ කෘෂි ඉඩම් සඳහා වාරි ජලය සැපයීමත් සිදුවන බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

උමා ඔය හරස්‌කර ඉදිකරන පුහුල් සහ ඩයරබා වේලි මගින් ගලායන වාරි ජලය ප්‍රයෝජනයට ගෙන බදුල්ල, මොනරාගල, දිස්‌ත්‍රික්‌කවල අලුතින් ඉඩම් හෙක්‌ටයාර් 5000 ක්‌ කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට අවස්‌ථාව උදා වන බව ද ලේකම්වරයා පැහැදිලි කළේය.

Related posts

මොරටුවේ ද්විත්ව ඝාතනයකට අනුබල දුන් 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

colombotoday

සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්

Admin

කෝටි 02ක කප්පම් ඉල්ලා නිවසට වෙඩි තැබූ කඩුවෙල චමින්දගේ කල්ලියක් අත්අඩංගුවට

colombotoday

“මීළඟ ජනපති කළුතරින්” සුදත්ත හිමිගේ ප්‍රකාශයෙන් පසු සිංහල රාවය විසුරුවා දමයි

colombotoday

රුසියා තේ වෙළදපොලේ ලංකාවට අහිමිවුණු කොටසට කෙන්යාව මානබලයි !

colombotoday

ලෝක වෙළදපොලේ තෙල් මිල සීග්‍රයෙන් පහළ යද්දී පෙට්රල් මිල ඉහළ දැමීම අසාධාරණයි.

colombotoday