Colombo Today Local NewsExclusive :

මස්කඩේ කැලැන්ඩරේ අල්ලපු හිමිගෙන් අසත්‍ය වපුරන අවස්ථාවාදීන්ට පිළිතුරක්

රත්නපුර, කරංගොඩ විහාරස්ථානයේ විහාරවාසී හිමි විසින් 2017 දෙසැම්බර් 22 වන දින රත්නපුර මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයක් මූලික කරගෙන ඇතිවුනු ආගමික ගැටලුවක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. ඒ කඩාකප්පල්කාරී ලකුණු දමාගැනීමට දඟලන කණ්ඩායමක් විසින් රට වෙනුවෙන් විශාල සේවයක් කරනලද භික්ෂුන් වහන්සේලා ඇතුළු සංවිධානවලට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කිරීම හේතුවෙන් බවයි උන්වහන්සේ සඳහන් කර සිටියේ.

මෙහිදී අදහස් දැක්වූ උන්වහන්සේ,

එදින උදෑසන පුද්ගලික කටයුත්තක් සඳහා මා විහාරස්ථානයේ සිට රත්නපුර නගරයට ගමන්කරමින් සිටින අවස්ථාවේ දී අප පිරිවෙන් විහාරස්ථානයේ පරිවෙනාධිපති පූජ්‍ය මොරගල්ලේ සෝරත ස්වාමීන් වහන්සේ විසින් දුරකථන ඇමතුමක් දී මා වෙත දැනුවත් කලා රත්නපුර ප්‍රදේශයේ මස් වෙලද සැලක රුවන්වැලිසෑය සම්බන්ධකරමින් කැලැන්ඩරයක් සකස් කරලා බෙදාහරිමින් සිටින බව. උන්වහන්සේට ඒ අවස්ථාවේ විශේෂ කටයුත්තක් වෙනුවෙන් දුරබැහැර ගමන් කරන්නට සිදුවී තිබෙන නිසා මේ වෙනුවෙන් මැදිහත් වෙලා අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීම සඳහා කටයුතු කිරීමට සහයෝගය ලබාදෙන ලෙස මගෙන් ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේදී මම වහාම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා හට දුරකථනයෙන් දැනුම් දීමෙන් පසු එතුමා විසින් වහාම පොලිස් ස්ථානාධිපති ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් රත්නපුර නගරයේ සියලුම මස් වෙලඳසැල් සඳහා යොමුකලත් පලමු අවස්ථාවේ මේ සම්බන්ධ තොරතුරක් සොයාගන්න බැරිවුනා. ඉන් අනතුරව මා නැවතත් අපේ පරිවේනාධිපති සෝරත හිමියන් දැනුවත් කරලා ස්ථානය කුමක්ද කියන එක ගැන හරියටම දැනුවත් වෙලා ඒ පිලිබද අදාල පොලිස් නිලධාරීන් දැනුවත් කරලා අපිත් ඒ ස්ථානයට ගියා.
ඒ මොහොතේම රත්නපුර පොලිස් ස්ථානාධිපති තුමන් ඇතුලු පොලිස් නිලධාරීන් එතනට පැමිණියා. ඒ සමගම අපේ ප්‍රදේශයේ ජාතික කටයුතු වලදී මූලිකත්වය ගෙන කටයුතු කරන අපේ රත්නපුර හංගමුව ජයබෝධි විහාරස්ථානයේ මෝදරවානේ ඥානකිත්ති හිමියන් එම ස්ථානයට පැමිණිලා අපිත් සමග සම්බන්ධ වෙලා එම ව්‍යාපාරිකයා දැනුවත් කරලා එම ස්ථානයේ තිබූ රුවන්වැලිසෑය මුද්‍රණය කර තිබූ කැලැන්ඩර් 400 කට අධික ප්‍රමාණයක් හොයාගත්තා. ඒ අවස්ථාවේ දී පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඒ සියල්ල පොලිස් භාරයට අරගෙන එම ව්‍යාපාරය කරගෙන ගිය මුස්ලිම් දෙදෙනාත් පොලිස් භාරයට ගෙන මූලික නීතිමය පියවරවල් සිදුකලා.
මෙහි මුල් අවස්ථාවේ පටන්ම සිදුවුනු ක්‍රියාවලිය දුටු අපට කනගාටුවට කරුණක් තමයි සමාජ ජාලා වෙබ්අඩවි හරහා නොයෙක් සංවිධාන මේ පිළිබඳව වැරදි මත සමාජයට ගොනු කරනවා. මේ සිද්ධිය මූලික කරගෙන සමහර සංවිධාන හා පිරිස් විසින් ප්‍රදේශයේ මහා සංඝරත්නයටත් ඒ වගේම ජාතිමාමක තරුණ පිරිස් වෙතට නොයෙක් චෝදනා එල්ල කරමින් සමාජවෙබ් අඩවි හරහා වැරදි මත සමාජගත කරමින් සිටිනවා. මේ අවස්ථාවට මුල සිටම සම්බන්ධ වුනේ භික්ෂූන් වහන්සේලා හැටියට මාත් මෝදරවානෙ හිමියනුත් පමණයි කියන එක අදාල අවස්ථාවෙ විඩියෝ දර්ශන ඡායාරූප පරීක්ෂා කිරීමෙන් තහවුරු කරගන්න පුලුවන්. එතන නොහිටපු විශාල පිරිසක් තමන්ගෙ සංවිධාන වල ශක්තිය වැඩිකරගන්න නොයෙක් ජාතිවාදී අරගල දියත් කරලා මෙතෙක් මේ රත්නපුර ප්‍ර දේශයේ නොතිබුනු ආකාරයේ ගැටුමක් නිර්මාණය කරන්න මතවාද ගොඩනගනවා. ඒ නිසා මේක අවසනාවන්ත තත්වයක්.. බෞද්ධයන් හැටියට ප්‍රඥාවත් ශ්‍රද්ධාවත් එකට කැටිකරගත්තු අරගලයකින් තමයි ජයග්‍රහණයක් ලබන්න පුලුවන්. ඒ නිසා මේ සිද්ධියෙදි කිසි කලබලයක් ඇතිකර ගත යුතු නෑ. මේ සම්බන්ධව ගතයුතු සියලු ක්‍රියාමාර්ග වැඩිහිටි මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා මත අපි අරගෙන තියෙනවා. ඉදිරියටත් මෙවැනි කටයුතු සිද්ධ නොවෙන තැනට අපි කටයුතු කල යුතුයි. කිසියම් සංවිධානයක් විසින් මේක පාවලා දෙන්න කටයුතු කරපු බවට වැරදි මත ගොඩනගන එක සම්පූර්ණයෙන් වැරදියි.

https://www.youtube.com/watch?v=J3mLUFyAlbQ&feature=youtu.be

Related posts

දංකොටුව පොලීසියට පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් ප්‍රහාරයක් එල්ල කිරීමට පිරිසක් සැරසෙන බවට 119 අංකයට ඇමතු කතක් රිමාන්ඩ්

colombotoday

සුළු ජාතීන්ට වැඩකරන ජනපති කෙනෙක් බිහිකළ යුතුයි – ඇමැති වී. රාධා කි‍්‍රෂ්ණන්

colombotoday

ජනතා ද්‍රෝහී ආර්ථික වැඩපිලිවෙලවල් යෝජනා කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.. ආණ්ඩුව වැටෙන්න ලඟයි

colombotoday

ලෝක අභියෝග ජය ගත හැකි රණවිරුවෙක් නිර්මාණය කරනවා

Admin

සිරසේ බල පෙරලියක් – නාලිකා සියල්ල ශ්‍රේණිගත කිරීම්වල පහලටම ඇද වැටේ

colombotoday

ඩෑන් ප්‍රියසාද් ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday