Colombo Today Local News

ජනපති නිවස අසල විරෝධයෙන් මිලියන 39ක පාඩුවක්

මිරිහානේදී ඊයේ ඇතිවූ සිද්ධියෙන් රජය දේපළවලට ගිනි ගිනිතැබීමෙන් සහ පහරදී අලාභානි කිරීමෙන් රුපියල් මිලියන 39ක අලාභයක් සිදුව ඇති බවට ගණන් බලා ඇති බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම සිද්ධියේදී පොලිස් බස් රථයකට, පොලිස් ජීප් රථයකට, පොලිස් යතුරුපැදි දෙකකට තබා විනාශ කර ඇති අතර , පොලිස් බස්රථ දෙහෙකට, විශේෂ කාර්ය බළකායේ බස්රථ දෙයකට. ඇතුළු රජය රජයේ දේපළ වලට පහර දීමෙන් මෙම අලාභය සිදුව ඇති බවද රෝහණ මහතා කියා සිටි.

මෙම සිද්ධියෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු වූ පොලිසියේත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, 18 දෙනෙකු විශේෂ කාර්ය බලකායේ බවද හෙතෙම කියා සිටි.

තුවාල ලැබූ පොලිස් නිලධාරීන් නව දෙනකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද හෙතෙම සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අපරාධ කොට්ඨාශය, දකුණු අපරාධ කොට්ඨාශය පරික්ෂණ ආරම්භ කර ඇති බව ද ඔහු එහිදී සඳහන් කළේය.

Related posts

“නාමල්ගේ ඩුබායි ගිනුමි වල සල්ලි ලබන සතියේ ලංකාවට ගේනවා” – රාජිත

colombotoday

බන්ධනාගාරයේ රැඳවියන්ට ජංගම දුරකථන ලබාදෙන්න ගිය බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

යාපනයේ හොර නෝට්ටු මුද්‍රණාලයක් වටලයි

colombotoday

අතුල් කේෂප් යයි, ඇලයිනා එයි !

colombotoday

ඩයනාගේ පැටිකිරිය ඉක්මනින් සොයන්න අධිකරණයෙන් නියෝග

Admin

ජනමතවිචාරණයකට ශ්‍රීලනිපය විරුද්ධයි.. ජනපති මතයත් එයමයි !!

colombotoday