Colombo Today Local News

කොවිඩ් කාඩ්පත්වල වලංගු බව සොයා බැලීමට තීරණයක්

ව්‍යාජ ලෙස සකස් කළ කොවිඩ් එන්නත් කාඩ්පත් ඇතැම් පිරිස් සතුව ඇති බැවින් කාඩ්පත්වල වලංගු බව සම්බන්ධයෙන් සොයා බැලීමට කොවිඩ් මර්දන කාර්ය සාධක බළකාය තීරණය කර ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම සේවා නිලධාරී හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමෙන් මේ පිළිබඳ සොයා බැලීමට සැලසුම් කර ඇත. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන කාර්ය සාධක බළකාය පසුගිය සිකුරාදා (01දා) රැස් විය.

පොදු ස්ථානවලට ඇතුළත් වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ තීරණය තවදුරටත් ප්‍රමාද කිරීමට මෙහිදී තීරණය කර ඇත. ඊට හේතු වී ඇත්තේ එන්නත්කරණය සම්බන්ධයෙන් නිවැරදි දත්ත සකස් කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දීමයි.

Related posts

සියළුදෙනා ගෝඨාභයට බය විය යුතුයි… මාත් ඔහුට පුදුම තරම් බයයි – මංගල

colombotoday

කබීර් හෂීම් එජාපසභාපතිවරයා පක්‌ෂයේ විනය කඩකරලා. ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් දෝස්‌ මුරයක්‌!

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday

අලිවත්තේ අසිත පාතාල නායකයගෙ හනිමූන් එකත් පොලිසිය වෙනස් කරලා !

colombotoday

“20න් පත්වන භයානක ජනපති” ගැන උදය ගම්මන්පිල පවසයි

colombotoday

පිරිසිදුභාවය තහවුරු කරන තෙක්, කොළඹ ලිං වතුර බොන්න එපා

colombotoday