Colombo Today Local Newsපුංචි ඡන්දය

93 ක නාම යෝජනා අදින් අවසන්.. ඉතිරි 248ට ලබන 18 සිට 21 දක්වා නම් කැදවයි..

පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වේ.

මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්‍රාදේශිය සභා 68 ක් ඇතුළත්.

එම පළාත් පාලන ආයතනවලට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (13) දහවල් 12.00 න් අවසන් විය.

නීතිමය ගැටලූ නොමැති පළාත් පාලන ආයතන 93 කයි මෙලෙස මුල් අදියරේදී නාමයෝජනා භාර ගැනීම සිදුවන්නේ. සෙසු පළාත් පාලන ආයතන 248 සඳහා නාමයෝජනා කැඳවීම ලබන 18 වැනිදා සිට 21 වැනිදා දහවල් 12.00 දක්වා සිදු කිරීමට නියමිතයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශිපි‍්‍රය ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණය පෙබරවාරි මස 17 වැනි දින හෝ ඊට පෙර පැවැත්වීමට හැකිවනු ඇති බවයි.

Related posts

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට දඩ

Admin

2020 දී ‍පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – රාජිත සේනාරත්න

colombotoday

හම්බන්තොට සදළුගම මුස්ලිම් ගම්මානයේ පිරිසක් යුවලකට පහර දෙති. ප්‍රදේශයේ ආරක්ෂාවට යුද හමුදාව කැඳවයි

colombotoday

5 ශිෂ්‍යත්වයෙන් ලංකාවම දිනූ හපන්නු මෙන්න

colombotoday

පොලිස්පති හා නීතිය නවන පොලිෂ්පති !

colombotoday

රවීට ඇමතිකමක් දෙන්න.. නීතිපති නිර්දේශ කර එවූ ලිපිය රනිල් හංගලා…!

colombotoday