Colombo Today Local Newsextremism & terrorism activities

හම්බන්තොට සදළුගම මුස්ලිම් ගම්මානයේ පිරිසක් යුවලකට පහර දෙති. ප්‍රදේශයේ ආරක්ෂාවට යුද හමුදාව කැඳවයි

හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේදී මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් සිදුකල පහරදීමක් හේතුවෙන් පහර කෑමට ලක් වු එක් අයෙකු රෝහල් ගතකර ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව සදහා යුද හමුදාව හා විශේෂ පොලිස් කණ්ඩායමක් බදගිරියට කැදවීමට හම්බන්තොට පොලිසිය කටයුතු කර තිබේ.

හම්බන්තොට බදගිරිය සැනසිළිගම පදිංචි පුද්ගලයෙකු සදළුගම මුස්ලිම් ගම්මානයේ සිව් දෙනෙකු සමග පැමිණ සැනසිළිගම පදිංචි අඹූසැමි යුවලකට පරුෂ වචනයෙන් බැන වැදී අතින් පයින් පහර දී තිබේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ අංක 19, සැනසිළිගම,බදගිරිය, හම්බන්තොට ලිපිනයේ පදිංචි 25 හැවිරිදි කොළඹගේ සුරංග සදකැළුම් හා ඔහුගේ බිරිද වන ශානිකා නැමති අයයි.

පහර කෑමෙන් අසාධ්‍යව සදකැළුම් නැමැත්තා ඊයේ (24) රාත්‍රි ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

රාත්‍රි 07ට පමණ පුද්ගලික ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති අතර රාත්‍රි 09ට පමණ පහකැමට ලක්ව රෝහල් ගතවු පුද්ගලයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

බීමතින් පැමිණ ඇති පුද්ගලයන් පස් දෙනෙකු පහරකෑමට ලක් වු පුද්ගලයාගේ නිවස අසලට පැමිණ ඔහුගේ සහොදරයන් දෙදෙනෙකුට හා ඔහුගෙ බිරිදට අසැබිවචනයෙන් බැණ වැදී ඇති අතර පහරකෑමට ලක් වු පුද්ගලයා ඒ පිළිබදව විමසීමේදී ඔහුට හා ඔහුගේ බිරිදට මෙම පිරිස අතින් පයින් පහර දී ඇති බව මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වි ඇත.

පහරකෑමට ලක් වු පැමිණිලි කරු මේ වන විට හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව පතිකාර ලබයි.

කෙසේ වෙතත් ගම්මාන දෙකෙහි පිරිස් අතර අනවශ්‍ය ගැටුමක් ඇතිවිම වැලැක්වීම සදහා හම්බන්තොට පොලිසිය විසින් බදගිරිය ප්‍රදේශයට මේ වන විට යුද හමුදා හා පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මාතර හම්බන්තොට දිසාබාර නියොජ්‍ය පොලිස්පති ඩී.ජගත් පලිහක්කාර,තංගල්ල කොට්ටාශබාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි හම්බන්තොට පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Related posts

“යහපත් දැක්මකදී ලාභ වාසි අත්හරින්න වෙනවා” නුවරට, නුවරක් හැදූ දිරිය මිනිසෙකුගේ කතාව

colombotoday

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ් !

colombotoday

මධූෂ්ගේ අවසන් ඔත්තුව

colombotoday

ධීවරයන්ට හා නාවුක හමුදාවට අනතුරු ඇඟවීමක්

colombotoday

දවසට දෙක බැගින් දෙපැයක් විදුලිය කැපේ.. කාලසටහන මෙහෙමයි

colombotoday

හෝටල් කාමරයක හොරොයින් පැකට් කළ කොස්තාපල් මාට්ටු

colombotoday