Colombo Today Local News

“මා ජනපති ලෙස සිටින තුරු යුද අධිකරණ වලට ඔබ ගෙන නොයමි” – ජනපතිගෙන් හමුදාවට පොරොන්දුවක්

රටේ නායකයා ලෙස තමන් සිටින තුරාවට රණවිරුවන් කිසියම් හෝ යුද්ධාධිකරනයකට ගෙන යෑමට අවසර නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

යුද හමුදා රෝහල් ශ්‍රවණාගරයේදී හමුදාවේ බලඇණි අණදෙන නිලධාරින්, විධායක අධිකාරීවරුන්, රෙජිමේන්තු සැරයන්වරුන්, මේජර්වරුන් ඇතුළුව 350කට වැඩි පිරිසක් අමතමින් ජනාධිපතිවරයා ඊයේ (09) මේ බව කියා සිටියේය.

“රටේ නායකයා ලෙස මා සිටින තුරාවට ඔබලාගේ කිසිවෙකු කිසියම් හෝ යුද්ධ අධිකරණයක විනිශ්චයකට අවසර නොදෙන බවට මා ඔබට පොරොන්දු වෙනවා. යම් කිසිවෙකු වැරුද්දක් කර ඇත්නම් ඒ පිළිබඳව විනිශ්චය කරනු ලබන්නේ රටේ දැනට පවතින නීතියට අනුකූලව අධිකරණය හමුවේ පමණක් වනු ඇති. අපේක්ෂා භංගත්වයට පත්වුණු ඇතැම් දේශපාලඥයින් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් රණවිරුවන් යුද්ධ අධිකරණයක් හමුවේ විනිශ්චයකට ලක්කොට දඬුවම් පමුණවීමට තැත් කරන බවට කරන ප්‍රකාශයන් පිළිබඳ රටේ ජනාධිපති වශයෙන් එවැනි කිසිදු දෙයක් සිදුවීමට ඉඩ නොදෙන බවත් කිසිවෙකු විදේශීය විනිසුරුකරුවන් ඉදිරියේ ප්‍රශ්න කිරීමකට ලක් කිරීමට ඉඩ නොදෙන බවත් මේ අවස්ථාවේ දී මා පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ හේතුවෙන්, එවැනි පදනම් විරහිත චෝදනා සහ වැරදි සහගත ප්‍රකාශයන් තුලින් ඔබ නොමඟ යා හැකි බවත් මා මෙහිදි පවසිය යුතුයි.” යැයිද ජනාධිපතිවරයා කියා සිටියේය.

Related posts

එස්.බී. ගේ – විමල්ගේ “අශූචි” සටන තවත් උණුසුම් වේ.. (Video)

colombotoday

නොහැකියාව තනතුරුවලින් වසා ගන්න බෑ… එජාප නායකයා රනිල්මයි – වජිර සජිත්ට ටොකු අනී

colombotoday

මිනුවන්ගොඩ ජුම්මා පල්ලිය පිලිසකර කිරීමට ආණ්ඩුකාර කාර්යාලයෙන් මිලියන් 1.5ක්…

colombotoday

බලපිටියේ හෙරොයින් ජාවාරම් කළ මවක් කොටු වෙයි

colombotoday

බදියුදීන් යළි රිමාන්ඩ් – බිරිඳ සහ මාමණ්ඩි ඇප මත නිදහස්

colombotoday

නව රාජ්‍ය අමාත්‍යවරු 21 ක් දිවුරුම් දෙයි….

colombotoday