Colombo Today Local News

මිනුවන්ගොඩ ජුම්මා පල්ලිය පිලිසකර කිරීමට ආණ්ඩුකාර කාර්යාලයෙන් මිලියන් 1.5ක්…

මිනුවන්ගොඩ ජුම්මා පල්ලියට කලහකාරී පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් එම ස්ථානයේ සිදුව ඇති අලාභ හානි පිළිසකර කර ගැනීම සඳහාබස්නාහිර පළාත් ආණ්ඩුකාරකාර්යාලය රුපියල් මිලියන 1.5ක්ලබාදීතිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් එම පල්ලියේ ප්‍රධාන භාරකරුවන අල්-හජ් එම්. ආර්.එම්. සාවාහීර් වෙතඊට අදාළ චෙක්පත ලබාදුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

රාමසාන් මාසයේදී මුස්ලිම්වරුන්ට දිවා රාත්‍රී කාලය තුළ සාමූහිකව යාඥා සිදු කිරීමට අවශ්‍ය බැවින් පල්ලිය ඉතා ඉක්මින් පිළිසකර කර ගන්නා ලෙස දැනුම් දුන් බවද එම කාර්යාලය සඳහන් කරයි.

Related posts

බලාගාරවලට ඉතාමත් ඉක්මනින් අවශ්‍ය ඉන්ධන අවශ්‍යයි

colombotoday

ගෝඨා සීඅයිඩීයට කැඳවා ප්‍රශ්න කරන්න යයි !

colombotoday

අපි කාගෙවත් පැත්තක් ගන්නේ නෑ… මහින්ද අගමැති සේ පිළිගන්නෙත් නෑ…

colombotoday

පාඩුව පියව ගන්න පෙට්‍රල් – ඩීසල් වැඩිවෙන මිල මෙන්න

colombotoday

සහරාන්ගේ පුහුණු තිප්පොළක් මහනුවර, අරුප්පලින් අල්ලයි

colombotoday

මහ ආර්ථික අර්බූදයක් අත ළගයි.. සරසවි ඇදුරන් අනතුරු අගවයි !

colombotoday