World

රුසියාවෙන් තෙල් – ගෑස් ආනයනය නවත්වයි

රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය සීමා කිරීමටත්, පසුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ. ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය මෙසේ තීරණය කළේ රුසියාව යුක්රේනය එරෙහි ගත් හමුදා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමිණි.

රුසියාවට විරෝධය පළ කරමින් ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් රුසියාවට සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව ආර්ථික සම්බාධක පැනැවීම් සිදු කර ඇති අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී දිගින් දිගටම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඉල්ලා සිටියේ රුසියාව මට්ටු කිරීමට එම සම්බාධක ප්‍රමාණවත් නොවනු ඇති බවය.

රුසියාවෙන් තෙල් සහ ගෑස් මිලදී ගැනීම සීමා කිරීමටත්, පසුව එය මුළුමනින්ම නැවැත්වීමටත් ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තීණය කළේ ඒ අනුවය. මේ අතර, යුරෝපා සංගමය පවසා ඇත්තේ තමන් ද රුසියාවෙන් තෙල් සහ වායු මිලදී ගැනීම සීමා කිරීමට පියවර ගෙන ඇති බවය.

රුසියාවෙන් වැඩි වශයෙන් තෙල් සහ වායු මිලදී ගැනීම සිදු කරන්නේ මහා බ්‍රිතාන්‍යය ද ඇතුළු සෙසු යුරෝපා රටවල්ය. රුසියාවෙන් තෙල් සහ වායු මිලදී ගැනීම නතර කළොත් මෙම රටවලට මැදපෙරදිගින් තෙල් සහා වායු මිලදී ගැනීමට සිදුවනු ඇති අතර එය මැදපෙරදිගින් තෙල් සහ වායු මිලදී ගන්නා අනෙක් රටවලට ගැටලුවක් වනු ඇතැයි ජගත් විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

Related posts

තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට පැමිණීම රත්තරන් කරත්තෙන්

Admin

රුසියාව ඉරානය සිරියාවේ වෙනුවෙන් එක් වෙති – යලිත් ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟ – පුටින් අනතුරු අඟවයි

colombotoday

ජර්මනිය සෞදි අරාබියට අවි ආයුධ සැපයීම නවත්වයි

colombotoday

රෝමයේ නගරයක් කැලඹූ කිම්බා කැමරාවේ

Admin

බොරතෙල් මිල පහළට

Admin

මිනිසුන්ට එරෙහිව කැරලි නොගසන බවට රොබෝවරුන් සහතික වෙයි

Admin