Colombo Today Local News

අනුර යාපාගෙන්, සුසිල්ගෙන් රිෂාඩ් බදුර්දීන්ට ප‍්‍රහාරයක් !

ජීවන වියදම් කමිටුව මගින් ගන්නා තීරණ ජීවන වියදමට සෘජුව බලපෑම් කරන අභ්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය භාර ඇමැති රිෂාඞ් බදුර්දීන් වගකිව යුතු බවත් පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරුන් පිරිසක් අවධාරණය කර ඇත.

අනුර යාපා සහ සුසිල් පේ‍්‍රමජයන්ත යන ඇමැතිවරුන් මෙසේ කැබිනට් රැස්වීමේදී දැඩිව ප‍්‍රශ්න කර ඇත්තේ එම නිසා ජනතාව දැඩි අසීරුතාවකට පත් වී ඇති බව පෙන්වා දෙමින් ය. ජනතාවට ජීවන බර දැරිය නොහැකි තරම් ඉහළ ගොස් ඇති බවත්, මේ තත්ත්වය දිගටම පැවතුණහොත් ආණ්ඩුව බරපතළ අසීරුතාවකට පත්වන බවත් පෙන්වා ඇති අදාළ ඇමැතිවරුන් දෙදෙනා, ජීවන වියදම් කමිටුව ද මීට වඩා මේ ගැටලූවට මැදිහත් විය යුතු බව අවධාරණය කර තිබේ.

ජීවන වියදම් කමිටුව අනවශ්‍ය නම් විසුරුවා හැර දැමිය යුතු බව ද ඇතැම් ඇමැතිවරුන් මෙහිදී පවසා තිබේ. එහෙත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ ජීවන වියදම් කමිටුව අහෝසි කිරීමට කලබල විය යුතු නැති බවත්, ඉදිරියේදී මීට වඩා සක‍්‍රීය මැදිහත්මක් කළ යුතු බවත් ය.

අදාළ චෝදනාවලට පිළිතුරු දෙමින් අභ්‍යන්තර වෙළෙ`ද ඇමැති රිෂාඞ් බදුර්දීන් සදහන් කර ඇත්තේ තමන්ට තනිව මේ ගැටලූ විසදිය නොහැකි බවත්, සාමූහිකව එය කළ යුතු බවත් ය.

කෙසේ වෙතත් මීට පෙර ද සහල් මිල සීග‍්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡුාවකදී රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයා පවසා තිබුණේ තමන්ට තනිව මේවා කළ නොහැකි බවයි. එසේම මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් ජනාධිපතිවරයාට පැවසූ සියලූ කරුණු තමන්ට ඉටු කළ හැකි බව ද පසුව පවසා තිබිණි. එහිදී ජනාධිපතිවරයා විමසා තිබුණේ තමන්ට කළ හැකි නම්, අමාත්‍යංශයක් තිබියදී තමන්ගේ වේලාව නාස්ති කරන්නේ ඇයිද යනුවෙනි.

සත්හඩ

Related posts

STF මෙහෙයුමකින් ගජමුතු 6 ක් සමග සැකකරුවෙක් කොටු

colombotoday

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

Admin

සෞඛ්‍ය ඇමතිනිය සුවය ලබා රෝහලෙන් පිටව යයි

colombotoday

ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩ වරයි | දින13ක PCR වාර්තා තවම නෑ

colombotoday

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම්

colombotoday

මන්ත්‍රීවරු කැමතිනම් ගල් අරක්කු මිළ අඩු කරන්න පුලුවන්

colombotoday