Colombo Today Local News

ප්‍රභාකරන්ට කරගන්න බැරිවුණු දේ සම්බන්ධන් ව්‍යවස්ථාවෙන් කරගනී !!

පිවිතුරු හෙල උරුම පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

“ඒකීය රාජ්‍යය“ පිළිබඳ ලොවම පිලිගත් නිර්වචනය ඉදිරිපත් කලේ ශ්‍රීමත් කෙනත් වියරේ. එතුමාට අනුව රටේ සෑම ප්‍රදේශයකටම සෑම විෂයක් පිලිබඳ නීති සෑදීමේ බලය එක් ආයතනයකට ඇත්ද එය ඒකීය රාජ්‍යයකි. ඒ නිර්වචනය අනුව බලන විට 13 වන සංශෝධනයෙන් පස්සේ ලංකාව අර්ධ පෙඩරල් රාජ්‍යයක්. මොකද පළාත් සභා ලැයිස්තුවේ තිබෙන විෂයන් පිළිබඳ පාර්ලිමේන්තුවට නීති හදන්න පුළුවන් වුවත් සාමාන්‍ය බහුතරයෙන් ඒ වැඩේ කරන්න බෑ. ඒකට තුනෙන් දෙකේ බහුතර කැමැත්ත ඕනෑ. එදා ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරලා ඉන්දියාවේ ප්‍රාන්තයක් කර ගැනීමේ තර්ජනයක් තිබුණු නිසා ජනපති ජේ ආර් 13ට එකඟ වුණත් ඒකීය රාජ්‍ය රැක ගන්න ජේ ආර්ගේ කපටි මොලයෙන් පුංචි ව්‍යවස්ථා ගැට කිහිපයක් ගැහුව්වා. ආණ්ඩුකාර බලතල, පලාත් සභා විසිරීමේ ජනපති බලතල සහ සමගාමි ලැයිස්තුව ඒ අතර ප්‍රධානයි. මේ සියලු ගැට ලිහා දාන්න ජේ ආර්ගේ අගමැති බෑනාගේ අළුත් ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුකාරවරයා පත් කරන්නේ ජනපතිට ඕනෑ කෙනෙක්. ජනපතිගේ විධායක බලතල තමයි ඔහු ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම යම් ප්‍රඥාප්තියක් පළාත් සභාව සම්මත කළත් ආණ්ඩුකාර අත්සන තබන තුරු නීතියක් වෙන්නේ නෑ. සම්මත කළ දේ ව්‍යවස්ථාවට එකඟ නෑ කියලා ආණ්ඩුකාරවරයාට හිතුනොත් නීතිපතිගේ අදහස් විමසන්න පුළුවන්. ඒ වගේම දේශපාලනිකව සුදුසු නෑ කියලා හිතුනොත් යළි සලකා බලන්න කියා පළාත් සභාවට එවන්න පුළුවන්. යෝජිත ව්‍යවස්ථාවේ මේ බලතල ඉවත් කරන්න විතරක් නොවේ ආණ්ඩුකාරවරයා විධියට පළාත් ඇමති මණ්ඩලයට අවශ්‍ය කෙනෙක් පත් කරන්නත් මෙහි යෝජනා කර තිබෙනවා.

සමගාමි ලැයිස්තුවේ තිබෙන්නේ පාර්ලිමේන්තුවට වගේම පළාත් සභාවටත් නීති පැනවිය හැකි විෂයන් 36ක්. උතුරේ සිටින මුස්ලිම් සහ සිංහල ජනතාවට අසාධාරණයක් වන විට මධ්‍යම ආණ්ඩුවට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ මේ ලැයිස්තුව නිසා. දැන් එ් ලැයිස්තුව අහෝසි කරන්න, ඒක කර ගන්න බැරි වුණොත් කප්පාදු කරන්න මේ යෝජිත ව්‍යවස්ථාවෙන් යෝජනා කර තිබෙනවා.

අගමැතිතුමාගේ මාමණ්ඩි ජනපති ජේ ආර් ජයවර්ධන මැතිතුමා ඉන්දියාවේ බලපෑමට බොහොම අකමැත්තෙන් පලාත් සභා බිහි කරලා උතුරු පලාත සරුංගලයක් කරලා උඩ ඇරියා.  නමුත් නූල තිබෙන්නේ ජනපති අතේ.  කෙතරම් දුර අහසේ පා වෙනවා ද කියා තීරණය කරන්නේ ජනපති.  සුළඟ සැර නම් සරුංගලය බාන්න වුණත් ජනපතිට පුළුවන්.  දැන් අගමැති බෑණා හදන්නේ ඒ සරුංගලේ නූල කපලා අපෙන් ගැල වී නිදහසේ ඈතට ඈතට පා කරලා හැරලා උතුරු පලාත ඊළාම් රාජ්‍යය බවට පත් කරන්න.  පිරබාහරන්ට කර ගන්න බැරි වුණු දේ සම්බන්දන්ට කර ගන්න ඉඩ දෙනවා ද කියා තීරණය කිරීම මේ රටේ දේශප්‍රේමි ජනතාවට භාරයි.

– අරවින්ද අතුකෝරල

Related posts

නාමල්ගේ විදෙස් ගමන් තහනම ගැන අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

නාමල් විතරක් මදි.. ඔහුගේ මව ශිරන්තිත් සිරගත කළ යුතුයි – පුරවැසි බලය

colombotoday

155කගෙන් යුත් 6වන යුක්රේන සංචාරක කණ්ඩායමත් දිවයිනට

colombotoday

ජනපති දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

ජාතික රුපවාහිනී විකාශන කටයුතු අත්හිටුවේ. සේවකයෝ හූ කියා මංගල, රාජිත, චතුර පන්නා දමයි

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

colombotoday