Colombo Today Local News

ජනපති ඉන්දියානු හමුදාවේ සහය ඉල්ලයි…

දූපත් රාජ්‍යයක් ලෙස නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන බවත් ර එම ජාවාරම් මැඩලීම සඳහා ඉන්දීය හමුදාවේ සහාය අපේක්ෂා කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් මහතා අද (18දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී ජනපතිවරයා මෙම අදහස් දක්වා ඇත.

දෙරටේ බුද්ධි තොරතුරු අංශ ශක්තිමත් කිරීම ජාතික හා කලාපීය ආරක්ෂාවට ඉතා වැදගත් බව පෙන්වා දුන් ඉන්දිය හමුදා මාණ්ඩලික ප්‍රධානියා ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහය අපේක්ෂා කරන බව පැවැසූ බවද ජනපති මාධ්‍ය අංශය පවසයි.

බුද්ධිමය අංශ පුහුණු කිරීම සහ දෙරට අතර නව තාක්ෂණික හුවමාරු වැඩසටහන් ක්‍රියාවට නැංවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇත.

Related posts

ලබන වසර මැදදී මෙගා වොට් 270ක හිඟයක්

colombotoday

රු. 5000 දීමනාව බෙදීමේදී වූ අක්‍රමිකතා හේතුවෙන් අහිමිවූ මුදල් යළි අයකර ගැනීමට නිර්දේශ

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ නියෝගය ආවේ සෞදියෙන් !

colombotoday

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව

colombotoday

දිගු පෝලිම් හා මහජන නොසන්සුන්කාරී තත්වයන්ට හේතුව විගණන වාර්තාවකින් අනාවරණය වෙයි

Admin

ඉන්දීය විදේශ ඇමති අනිද්දා මෙරටට

colombotoday