Colombo Today Local News

නාමල්ගේ ලේකම්වරිය කටුණායකදී අත්අඩංගුවට !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඉරේෂා ද සිල්වා මහත්මිය කටුනායක ගුවන් තොටුපළේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලුයම 5.5 ට ඇය අත්අඩංගුවට පත්ව ඇත්තේ, අබු ඩාබි සිට මෙරටට පැමිණි අවස්ථාවේදීයි.

අප කළ විමසීමකදී ගුවන්තොටුපොළ ආගමන විගමන කාර්යාලය සඳහන් කළේ, අධිකරණ වරෙන්තුවක් මත ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවයි.

ඉරේෂා සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් විවෘත වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවේ, පසුගිය පෙබරවාරී 9 වන දායි.

ඒ, ගවර්ස් කෝපරේටඩ් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග කළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදී සිදු කිරීම ඇතුළු අධීචෝදනා 11 යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබූ නඩුවකට අදාළවයි.

මෙම නඩුවට අදාළ විත්තිකරුවන් දෙදෙනෙකු වූ නිතීඥ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔනෙලා ඉරේෂා සිල්වා රටින් පළා ගොස් සිටියහ.

Related posts

9 වන දා සිද්ධියට අදාලව 1878ක් අත්අඩංගුවට

colombotoday

ඔහුව යුද හමුදාපති කරන්නැයි ෆොන්සේකා මගෙන් ඉල්ලා සිටියා – විමල්

colombotoday

වී අලෙවි මණ්ඩලයේ සියලුම සහල් වර්ගවල මිල අඩු කෙරේ

colombotoday

නාවික හමුදාව නැගෙනහිර මහ ඇමතිට නිල වශයෙන් විරෝධය දක්වයි

colombotoday

රනිල්ට,සජිත්ට මොකුත් කරන්න බැහැ කියලා දන්න මංගල ගෙදර ගියේ සියළු වරප‍්‍රසාද අරගෙන

colombotoday

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනපති වියත්ම සංවිධානයෙන් ඉල්ලයි

colombotoday