Colombo Today Local News

9 වන දා සිද්ධියට අදාලව 1878ක් අත්අඩංගුවට

පසුගිය 9 වන දා අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම සහ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

ඉන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එමෙන් ම පළාත් පාලන නියෝජිතයින්ගේ ද ප්‍රකාශ සටහන් කර ඇති අතර ඉන් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර පසුගිය 9 වන දා සිද්ධියට අදාළව සැකකරුවන් 1878 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කර සිටියේ ය.

නිහාල් තල්දූව මහතා වැඩිදුරට ත් සඳහන් කරන්නේ, සැකකරුවන් 831 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ය.

Related posts

ඉදිරි පැය 24දීත් ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

“රටට හෙණ ගැහුවත් අගමැතිට විහිළු.. ඔහු කවටයෙක් වෙලා” – ජී.එල්. පීරිස්

colombotoday

නිදානයක් ගන්න ගිය හතරක් කොටු වෙයි

Admin

සභාපති පුටුවටකට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි කෙළියක. තිදෙනෙක් රෝහලේ

colombotoday

අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයා

Admin

මං තීරු නීතිය අන්තිම අසාර්ථකයි.. එමගින් පන්ති බේදය ඇති වෙනවා.. නීතිය ක්‍රියාත්මක වන්නේ මාර්ග තදබදය, පරිසර දූෂණය ගැන සිතා නොවෙයි – පෙරටුගාමීන්

colombotoday