Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාව හදන්න පූර්ණ දායකත්වය ඇමරිකානු රජයෙන් !

නව ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සදහා ඇමරිකා එක්සත් ජනපදයේ පූර්ණ දායකත්වය ලබා දෙන බව ඇමරිකානු රජයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජේෂ්ඨ සාමාජික සහ ආංශික කමිටු සාමාජික ජෙරල්ඩ් කොනොලි පවසයි.

ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුවකට එකම ආකාරයෙන් පැවැතිය නොහැකි බවත් සංවර්ධන කි‍්‍රයාවලිට අඛණ්ඩව පවත්වාගෙන යමින් රට ස්ථාවරව ඉදිරියට මෙහෙවීම සඳහා ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය ඉතා වැදගත් බවත් ජෙරල්ඩ් කොනොලි මහතා පැහැදිලි කර දී ඇත. එම වැඩපිළිවෙල සඳහා පූර්ණ දායකත්වය ලබා දීමටද ඔහු එකගතාව පල කර ඇත.

කතානායක කරූ ජයසූරිය මහතා ඇතුලූ නියෝජිතයින් පිරිසක් මේ වන විට ඇමරිකාවේ අධ්‍යන චාරිකවක නිරත වෙමින් සිටිති. නිමල් සිරිපාල ද සිල්වා, පාලිත රංගේ බණ්ඩාර, යන අමාත්‍යවරුන්ද, චන්ද‍්‍රානි බණ්ඩාර අමාත්‍යවරියද මෙම කණ්ඩායම නියෝජනය කරති. එමෙන්ම දෙමල ජාතික සන්ධානයේ එම. ඒ සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුනේ විජිත හේරත්, ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම යන මන්ත‍්‍රීවරුන්ද මෙම චාරිකාවට එක්ව සිටිති.

මුදල් හා වෙළදාම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය,ව්‍යවස්ථා සම්පාදනය, අයවැය සැකසීම ඇතුළු විෂයපථයන් රැසක් පිළිබඳ මෙම චාරිකාවේදී කරුණූ විමසා බැලීමට නියමිතය.

Related posts

දුමින්ද සිල්වා නිදහස් කරන්න තැබූ අත්සන මනෝ ගනේෂන් ඉල්ලා අස්කර ගනියි – Video

colombotoday

මේ සතියේත් කැබිනට් සංශෝධනයක්…

colombotoday

රංජන් සමග ඩිල්ෂානුත් එකතු වෙයි මහමැතිවරණයට තරඟ කරන්නෙ මෙහෙමයි

Admin

ඔබේ වාහනයත් ගංවතුරට හසු වුණාද? එහෙනම් කරන්න ඕන දේ මෙන්න

colombotoday

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ශ්‍රී දළදා පෙරහැරත් නම් වෙයි…

colombotoday

කූඩු කර ඉන්න පාතාලයන් නිරීක්ෂණයට කඩා පනින හමුදාවක්

colombotoday