Colombo Today Local News

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ශ්‍රී දළදා පෙරහැරත් නම් වෙයි…

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන පහ අතරට ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැරද නම්කර තිබේ.

ලෝ ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන ද ට්‍රැවලර් වෙබ් අඩවිය විසින් මෙම ලයිස්තුගත කිරීම සිදුකර තිබේ. එම වෙබ් අඩවිය පවසන්නේ ශ්‍රී දළදා පෙරහැර තිබෙන නර්ථනාංග සහ සංස්කෘතිකාංග, කලා ශිල්ප ලොව කොතනකදීවත් දැකබලා ගැනීමට නොහැකි බවයි.

අගෝස්තු මාසයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නෙක් නම් ශ්‍රී ලංකාවේ මහනුවර නගරයට පැමිණ ශ්‍රි දළදා මාළිගාවේ ඇසල පෙරහැ නැරඹිය යුතුම බවද එම වෙබ් අඩවිය කියා සිටී.

පෙරහැර විචිත්‍රවත් කිරීමට අලි ඇතුන්ද යොදාගෙන ඇති බවත්, උඩරට නර්ථනයන්ගෙන් පිරුණු සංස්කෘතිකාංග මනස්කාන්ත දර්ශනයක් මවා පාන බවද පවසන එම වෙබ් අඩවිය, එම පෙරහැර ලොව ශ්‍රේෂඨතම දර්ශන පහ අතරින් එකක් බව අවිවාදයෙන්ම පිළිගැනීමට සිදුවන බවද සංචාරකයන් දැනුවත් කරමින් කියා සිටී.

Related posts

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

colombotoday

පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ

colombotoday

සැබෑ ආගමික සහජීවනය කුමක්දැයි අරුත්ගැන්වූ “මල්පැලේ උපන් පන්සලේ පියතුමා”

colombotoday

රටත් ජනතාවත් ආරක්ෂා කළේ භික්ෂූන් වහන්සේලායි. උන් වහන්සේලා වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් නෑ

colombotoday

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රි සිවාජිලිංගම් අත්අඩංගුවට

colombotoday

මැයි 9 බේරේ වැව අසලදී පහරදීමට ලක්වූ අයෙක් මියයයි

colombotoday