Colombo Today Local News

“හම්බන්තොට වරාය ආපසු අරන් මිස පස්ස බලන්නෑ” – ඇමැති විජයදාස ආණ්ඩුවට එරෙහි වෙයි

හම්බන්තොට වරාය මහජන දේපළක් වන හෙයින් එය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදි ක‍්‍රියාවක් බවත් එය නැවත කෙසේ හෝ ජනතාව අතට පත්කර මිස ආපසු නොබලන බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඉතිහාසය පුරාම දුෂණයට විරුද්ධව සටන් කළ තමා ඒ මගින් රුපියල් බිලියන දාහකට වඩා ජනතාවට යළි අත්පත් කර දුන් බව කී ඇමැතිවරයා ශ්‍රී ලංගම, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ලිට්රෝ ගෑස් සමාගම ආදී ජනතාව සතු සම්පත් යළිත් ජනතාවටම දිනා දීමට තමාට හැකි වූ බව ද කීවේය.

චීනය හම්බන්තොට වරාය බදු ගැනීම ලෝක දේශපාලන බල අරගලයේ එක් තීරණාත්මක සංධිස්ථානයක් බවත් ඒ හේතුවෙන් ඉන්දියාව ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා පැවැසීය.

කොළඹ වරාය එන නැව්වලින් සියයට 89ක්ම ප‍්‍රතිඅපනයනයට එන නැව් බවත් හම්බන්තොට වරාය දියුණූ කළ පසු මුහුදු සැතපුම් 400ක් පසුකර එම නැව් කොළඹ වරායට නොඑන බවත් කී ඇමැතිවරයා එමගින් චීන සමාගම පොහොසත් වී කොළඹ වරාය පිහිනුම් තටාකයක් බවට පත්වනු ඇතැයි ද කියා සිටියේය.

දුෂණයට එරෙහිව සටන් කිරීමේ දී ආණ්ඩුව තුළ සිටීම හෝ නොසිටීම තමාට ප‍්‍රශ්නයක් නොවන බව අතීතයේ දී ඔප්පු කර ඇති බවත් අපේ රටේ සම්පත් හා ශ‍්‍රමය සූරාකන චීනයේ නව ධනපති ක‍්‍රමයට එරෙහිව තම සටන නොනවත්වා ගෙන යන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

Related posts

“උතුරේ ගිනි ඇවිළෙනවා.. ‘ආවා ගෲප්’ එකකට පණ දෙනවා.. මේක තමා ඇතිකළ වෙනස“ – විමල්

colombotoday

2018 වසරේ විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට – වැටලීම් ආදායම මිලියන 130 ඉක්මවයි

colombotoday

මහර බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියකු තාප්පයෙන් වැටී මරුට

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට

colombotoday

ගම්බිම් බලා ගිය අය නැවත පැමිණිමට විශේෂ දුම්රිය, බස් රථ සේවා ක්‍රියාත්මකයි

colombotoday

තඹුත්තේගම A-ශ්‍රේණියේ ක්‍රීඩාංගනයක්! – යෝධ හයේ පහරවලට මග විවෘත වේ

Admin