Colombo Today Local NewsHot News

Video: ඡන්දෙදි වහ කුප්පි පෙන්නපු ඩිලාන් පගර නැට්ටා අද ජනාධිපතිතුමාට සීනි බෝල කවනවා – හරීන් ප්‍රනාන්දු

Videoඅද ඔබතුමාට කඩේ යන පගර නැට්ටා… ඩිලාන් කාරයා… අපිට එක එක ඒවා කියද්දී අපි කොහොමද බලාගෙන ඉන්නේ ජනාධිපතිතුමනි, ඩිලාන් පෙරේරා… ඔබතුමාගේ ඡන්දෙදි වහ කුප්පි පෙන්නපු එකා… අද ඔබ තුමාට සීනි බෝල කවනකොට අපිට මොනවද හිතෙන්නේ ජනාධිපතිතුමනි… යැයි විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කර සිටිනවා. ඒ බදුල්ලේ පැවති එජාප මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින්ය.

“කටවහගෙන තව කොච්චර කල් ඉවසන්නද ජනාධිපතිතුමනි…? හැමදාම කටවහගෙන ඉන්නේ කොහොමද ජනාධිපතිතුමනි…? ජාතික ලැයිස්තුවෙන් මේ ආණ්ඩුවේ එල්ලිච්ච ඩිලාන් කියන එකා, එදා චන්ද්‍රිකාගේ පස්සෙන් ගියා. ඊට පස්සේ මහින්දගේ පස්සෙන් ගියා. අද මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ පස්සෙන් යනවා. නොදකින් මුන්ට ලැජ්ජා නැති දේශපාලන බල තණ්හා පෙරේතයෝ… මුන්ව අපේ ජනතාව එලෙවුවා. ඊට පස්සෙත් ලැජ්ජා නැතිව එක එකාට කඩේ යනවා.. අපිට ජනාධිපතිතුමාට කඩේ යන්න අයිතියක් තිබෙනවා.” ලෙස අමාත්‍ය ඩිලාන් පෙරේරාට දැඩි ප්‍රහාරයක් එල්ලවිණි.

“මුන්ට අමතක වෙච්ච දෙයක් තියෙනවා… අපි ගහපු පෝස්ටරේ තිබ්බේ මෛත්‍රී ජනපති රනිල් අගමැති කියලා. එතකොට ශ්‍රී ලංකා එකේ එකෙක් හරි මෛත්‍රිපාල මහත්තයට ඡන්දයක් දුන්නානම් එවුන් දැනගෙන හිටියා මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජනාධිපති වූවානම් අගමැති රනිල් කියලා. එහෙනම් මේක මේ අලුත් විකාරයක් නෙවෙයි. ලක්ෂ 62ක් ජන්ද ලැබුනේ රනිල් වික්‍රමසිංහ මහතාත් නිත්‍ය වශයෙන්ම අගමැති කරන්න කියන එක හොඳින් මතක තියා ගන්න. එක එකා හීන දැක්කට අගමැති රනිල් වික්‍රමසිංහ එලවන්න ඒක කවදාවත් වෙන්නේ නැති බව හොඳින් මතක තියා ගන්න” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පැවසීය.

Related posts

බාල ප්‍රමිතියේ ඉන්දියානු රූපලාවන්‍යාගාර 700ක් මෙරටට.. ගිය ආණ්ඩුවෙන් අවසර දිලා !

colombotoday

මේ ජාතිකවාදී මත දරන ගිහි-පැවිදි නායකයන්ට සිර කුටිය උරුමවන යුගයක් !

colombotoday

ඇමති බලතල අවභාවිතා කරලා.. මුදල් ඇමති රවීට නඩු

colombotoday

පාර්ලිමේන්තුව වාර අවසාන වීමෙන් කාරක සභා 11 ක් අහෝසියි

colombotoday

රාජපක්ෂලා කොහොමත් ‘ෆේල්’ “කඩා වැටෙන ප්‍රතිරූපය රැකගන්න ආණ්ඩුව කූඨ උපක්‍රම අනුගමනය කරනවා…” – පාඨලීගෙන් සැර පහරක්

colombotoday

ඉතාම ආදරයෙන් මිනිස්සු අපිව පිලිගන්නවා. අපිව දැක්කහම ලගට දූ…වගෙන එනවා

colombotoday