අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ 40 වසරක පාර්ලිමේන්තු දිවි සැමරුම වෙනුවෙන් පක්ෂය විසින් ඉදිකරන ලද අංග සම්පූර්ණ නව නිවසක් අග්රාමාත්යතුමාගේ සුරතින් ලබන සතියේදී දුප්පත් පවුලක් වෙත ලබාදීමට නියමිතව තිබේ.
එම පක්ෂයේ කොළඹ දිස්ත්රික්කයේ සංවිධායකයෙකු වන ලසන්ත ගුණවර්ධන මහතා විසින් එම ඉදිකිරීම් අවසන් වෙමින් පවතින එම නිවසේ ජායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ අතර එම ජායාරූප පහතින් නැරඹිය හැක.