Colombo Today Local News

ජනපති ගැන අනාවැකි කී ජෝතිශවේදියාට “රජතුමාට එරෙහිව අපරාධ කිරීම” චෝදනා යටතේ නඩු !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිය යන්නේ යැයි දින නියම කර අනාවැකි කීම සම්බන්ධයෙන් ජෝතීශ්‍යවේදී විජිත් රෝහණ විජයමුණිට නඩු පවරා ඇත්තේ රජුට එරෙහිව කළ අපරාධ ක්‍රියාවන් යටතේ බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයේදී හෙලි කලේය.

දණ්ඩ නීති සංග්‍රහයේ ඇති 120 වගන්තිය යටතේ පොලීසිය විසින් මෙම නඩුව පවරා ඇති බවත් රජුට විරුද්දව කරනු ලබන අපරාධ ක්‍රියාවන් ගැන එකී වගන්තියේ සදහන් බවත් ශ්‍රී ලංකාව රාජාණ්ඩුවක් නොව ජනරජයක් බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයේදී කියා සිටියේය.

විත්තිකරුට එරෙහි ඇප කොන්දේසි ලිහිල් කල අධිකරණය නොවැම්බර් මස 28 දින යලි නඩුව කැදවීමට නියෝග කලේය.

Related posts

කළුතර බන්ධනාගාරයට අමුත්තන් බලන්න හෙරොයින් රැගෙන ආ කතක් මාට්ටු

Admin

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

colombotoday

හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් බැහැරට ආ 99ක් අත්අඩංගුවට | නිරෝධායන නීති කැඩු 340ක්

colombotoday

අයි.ඕ.සි ලිහිසි තෙල් ලිටරයක මිල රු 140 කින් ඉහලට

colombotoday

TIKTOK වලින් ඉවත් වූ ගීත

Admin

කටුගස්තොටත් නොසන්සුන්

colombotoday