ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවූ මහා පරිමාණ වංචා චෝදනාවෙන් තමන් බේරා නොගතහොත් ඉතුරු රහස්ද හෙළිකරන බව පර්පෙචුවල් ට්රෂරීස් අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයන්ට තර්ජනය කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය පවසයි.
එහි ජාතික සංවිධායක මධුමාධව අරවින්ද මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.