Colombo Today Local News

උමාඔය ව්‍යාපෘතියේ භූමි පැල්මකින් ජලය මතුවෙයි.. පවුල් 100ක් හදිසියේ ඉවත් කරයි

බණ්ඩාරවෙල නගරයට ඊයේ (27දා) ඇතිවූ ධාරාණිපාත වර්ෂාවත් සමග බණ්ඩාරවෙල ඇල්ල දික්අරාව ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගිලාබැසීමේ අවදානමක් හේතුවෙන් පවුල් 100ක් පමණ ඉවත් කිරීමට කටයුතු කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතා සඳහන් කර සිටියේය.

උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතුවලදී ඇතිවූ භූමි පැල්මකින් හදිසියේ ජල බුබුළක් මතුවී ගලායාම සමග මෙම අවදානම මතුව ඇතැයි ඒ මහතා පැවසීය.

ඒ අනුව මෙසේ ඉවත් කරන පවුල් බණ්ඩාරවෙල බිඳුණු වැව යොවුන් සේනාංක පරිශය වෙත ආරක්ෂිතව යැවීමට කටයුතු කළ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජනපති ඇතුළු රාජපක්ෂ පවුලේ අය විශේෂ සාකච්ඡාවක්

colombotoday

දහසේ සහන මල්ල එක්ක සතොස දෛනික ආදායම කෝටි 15ක් දක්වා ඉහළට

colombotoday

ආයතන 12ක් ඉන්දියාවට විකිණීමට මෛත්‍රි – රනිල් ගිවිසුම් ගහලා

colombotoday

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට ගිය තරුණිය මරාගෙන මැරෙන ප්‍රහාරයකට දිවුරුම් දීලා

colombotoday

දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ‍

colombotoday

දිවි සැරියට සමු දුන් රොනී ද මෙල්

Admin