මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක නව යුද හමුදාධිපතිවරයා ලෙස ඉදිරි දින දෙක ඇතුළතදී පත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්කිරීමෙන් පසු හමුදාපති ධූරය හිස්ව පැවතුණි. ඒ සඳහා පත් කෙරුණු මහේෂ් සේනානායක මහතා යුද හමුදාපති තනතුරට පමණක් දෙවැනි වන ජ්‍යෙෂ්ඨතම තනතුර වන මාණ්ඩලික ප්‍රධානී තනතුර දරමින් සිටියේය.