Colombo Today Local News

“නින්ද ගියා බං… මිනිස්ටර්ට නෝන්ඩි ද ?“.. අගමැති, ඇමති ආ උත්සවයේ පොලිස්පති සැපට නිදි !!

ඊයේ (27) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශය ඇතුළු දිවයිනේ සතර දික්භාගයේ ලොකු-කුඩා පොලිස් නිළධාරීන් සහභාගි වී තිබේ.

අගමැතිවරයාගේ දේශනයට පෙර, මදක් පමා වී එහි පැමිණි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, එසේ පැමිණ ස්වල්ප වේලාවකින්ම වායුසමනයේ ආශ්වාදය විඳිමින් ඩෙංගු මදුරුවන්ගේ කරදරයකින් තොරව සුවබර නින්දකට මුලපුරා ඇත.

අඩවන් දෙනෙතින් විචක්ෂණශීලීව තමන්ගේ කතාව පොලිස්පතිවරයා අසාගෙන සිටිතැයි සිතූ අගමැතිවරයා පොලිස්පතිවරයාගේ දැහැනට බාධා නොකොට තම කතාව අවසන් කොට තිබේ. ඊළඟට එළැඹී ඇත්තේ විෂයභාර අමාත්‍යවරයාගේ කතාවයි. පොලිස්පතිවරයා සිටි ඉරියව්වෙන්ම නොසෙල්වී එම කතාවට ද සවන් දී ඇත්තේ නින්දට සමවැදීගෙනය.

කතාව අතරතුර කිහිප වතාවක් කතාව නවත්වමින් පූජිත දෙස බලා ඇති සාගල, අනෙක් ඉහළ පොලිස් නිළධාරීන්ට ඇස් දෙකෙන් පෙන්වා ඇත්තේ පූජිතගේ නිදි ඉරියව්වයි. එයින් මහත් අපහසුතාවයට පත්ව ඇති පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුම වහාම පොලිස්පතිවරයාගේ ආරක්ෂක නිළධාරියා වන පොලිස් පරීක්ෂක ප්‍රසන්න බ්‍රාහ්මණගේගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩ යවමින් වහාම පොලිස්පතිවරයාව ඇහැරවන ලෙස ඉල්ලා ඇත. එම අවස්ථාවේදී ප්‍රසන්න බ්‍රාහ්මණගේ අසුන්ගෙන සිට ඇත්තේ හරියටම පොලිස්පතිවරයාට පිටුපසිනි. ඔහුගෙන්ද කිසිදු ප්‍රතිචාරයක් නොලද විට මදක් ඉස්සී ඔහු දෙස බැලූ පොලිස් නිළධාරීන්ට දැකගත හැකි වී ඇත්තේ ඔහු පොලිස්පතිවරයාටත් එහා ගොස් නිදිසුව විඳින ආකාරයයි. ඒ බව සාගල රත්නායක අමාත්‍යවරයාට ද දැකගත හැකි වී ඇත.

අමාත්‍යවරයාගේ කතාවෙන් පසුව දඩි-බිඩි ගා නින්දෙන් ඇහැරුණු පොලිස්පතිවරයා නිදිමතේම අමාත්‍යවරයාට සැලියුට් ගැසුවද ඒ පිළිබඳව තැකීමක් නොකොට අමාත්‍යවරයා පිටත්ව ගොස් තිබේ. එවිට පොලිස්පතිවරයා ලැජ්ජාවෙන් ඇඹරෙමින් අනෙක් පොලිස් නිළධාරීන්ට පවසා ඇත්තේ ‘පොඩ්ඩක් නින්ද ගියා බං… මිනිස්ටර්ට නෝන්නඩි ද ?’ කියාය. එවිට පොලිස් නිළධාරීන් පවසා ඇත්තේ ‘අපි පීඑස්ඕ ලව්වා සර්ව ඇහැරවන්න ට්‍රයි කළා. ඒ යකා සර්ටත් එහා නෙ’ කියාය.

lankanewsweb

Related posts

ජාතික රණවිරු සැමරුම ඉහලින්ම පැවැත්වීමට රජය තීරණය කරයි

Admin

ගෝඨාභයට මඩ ගහන්න ගිය මරික්කර්ට මාධ්‍යවේදියෙකුගෙන් පාඩමක්

colombotoday

වැලි මාෆියාව නවතන්න රටවටේ වැලි බෙදා හැරීම වෙනස් වෙයි

colombotoday

X-Press Pearl වන්දි සීමාවලට එරෙහි විරෝධතා ලබන 29 වැනිදා බ්‍රිතාන්‍ය මහාධිකරණයට..

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

තලතා සහ මද්දුමබණ්ඩාර පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට අකුල් හෙළනවා – එජාපයෙන් නිවේදනයක්

colombotoday