Colombo Today Local Newsextremism & terrorism activities

සීවලී හිමි සොයා මැරයන් පන්සලට කඩා පනිති. සාමනේර හිමිනමකට දරුණු ලෙස පහරදී පලා යයි

ඊයේ(14) උදැස්සන බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු ස්වාමින් වහන්සේලා සමග සෝමාවතිය රක්ෂිතයට මායිම්ව තිබෙන ජලගැලුම් නිම්න රක්ෂිතයට අයත් අක්කර 2000කට වඩා වැඩි ප්‍රමාණයක පුරාවිද්‍යා නටබුන් විනාශකර අනවසර ලෙස කුඹුරු වගාකර ඇති ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සදහා මගපෙන්වූ ඕනෑගම මැදමළුව මහ විහාරයේ වැඩවසන සීවලී හිමි සොයා පැමිණි මැරයන් පිරිසක් විසින් එම අවස්ථාවේදී විහාරස්ථානයේ වැඩවිසූ සාමනේර හිමි නමකට අමානුෂික ලෙස පහරදී තිබෙනවා.

මැර පිරිසකගේ පහරකෑමට ලක් වූ උන්වහන්සේ ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහර කෑමට ලක්වූ යේ 14 හැවිරිදි සාමනේර හිමි නමක්. විහාරස්ථානයට පැමිණි බව කියන පිරිසක් පොලූවලින් තමන්ට පහරදුන් බවයි උන්වහන්සේ සඳහන් කර සිටියා. එම අවස්ථාවේ සීවලී හිමි ධර්මදේශනයක් සදහා විහාරස්ථානයෙන් පිටව ගොස් තිබුනා.

මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 08ට පමණයි.

මෙම සිද්ධියෙන් පසු විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

සෝමාවතී පරිවාර චෛත්‍ය 18ක් සහිත රක්ෂිතය මුස්ලිම් පිරිසක් බිල්ලට ගනී

Related posts

කිඹුලා ඇළේ ගුණාගේ ප්‍රධාන ගෝලයා අල්ලයි

colombotoday

යුධ සෙන්පතියන් ගස් යවන චන්ද්‍රිකාගේ තීන්දු සහ සංහිඳියාව

colombotoday

ගෝඨාභය රාජපක්‍ෂ නැතුව බෑ – විමල් විරවංශගෙන් ප්‍රකාශයක්

colombotoday

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 ක් නිරෝධායනයට

colombotoday

බස්නාහිර පාසල්වල වර්ෂා අවසාන විභාග කඩදාසි නැතිව කල්යයයි

colombotoday

හම්බන්තොට චීනයට දෙන නිසා ඉන්දියාව කණගාටුවෙන්.. ඉන්දියාව සතුටු කරන්න ත්‍රිමලේ වරාය දෙයි

colombotoday