Colombo Today Local News

අවතැන්වූවන්ට දෙන්න සතොසෙන් ඇති තරම් බඩු නොමිළේ.. ගාස්තුව පසුව රජයෙන් අයකරගන්නවාලු

ජල ගැලීමෙන් විපතට පත් ප්‍රදේශවල ජනතාවට බෙදා දීමට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලංකා සතොස ශාඛාවලින් සහ තොග ගබඩාවලින් හිඟයකින් තොරව නොමිලේ ලබා ගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙම භාණ්ඩ නිකුත් කිරීමට කටයුතු යොදා ඇති අතර අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ විපතට පත්ව සිටින ජනතාවට කඩිනමින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම පහසු කිරීම සඳහා බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව ඕනෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අවශ්‍ය තොග පිළිබඳ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට, ලංකා සතොස මුලස්ථානයට හෝ ළඟම ඇති ලංකා සතොස අළෙවි සැළකට දැනුම් දීමෙන් අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්.ලොකුහෙට්ටි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

අවශ්‍ය තොග ලබා ගැනීමේ දී මුදල් ගෙවීමක් අවශ්‍ය නොමැති බවත් ආපදා අවස්ථාවන්හි ජනතාවට ලබා දෙන භාණ්ඩවල මුදල් පසුව රජය වෙතින් ප්‍රතිපූර්ණය කර ගැනීමට අපේක්ෂිත බවත් ලේකම්වරයා සඳහන් කර ඇත.

Related posts

අයිතිවාසිකම් ඉල්ලා මුස්ලිම් පිරිසක් උද්ඝෝෂණයක

colombotoday

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

colombotoday

දෙවන එළිසබෙත් රැජිනගේ දේහය එඩින්බරෝ මාලිගය වෙත රැගෙන එයි

colombotoday

ප්‍රභාකරන් සැමරීමට සියල්ල සූදානම්… යාපන විශ්වවිද්‍යාල පරිශ්‍රයේ යුද සැමරුම් ස්මාරක ඉදිවේ

colombotoday

වැඩ බැරි ටාසන්ලාට රැවටුණු කාලය අවසන්. ජනාධිපතිතුමනි, හැකිනම් ජනතාවට වැඩ පෙන්වා එන්න

colombotoday

ආර්ථික බංකොළොත් වෙන්න හේතු අහන්න කබ්රාල් කැඳවයි

Admin