Colombo Today Local News

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි

බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිඛෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ මේ සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.

අධිකරණ නියෝගයක් මගින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විදේශගත වීම ද තහනම්කර තිඛෙනවා.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරීම සහ ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයෙන් වෛරී ප්‍රකාශ සිදු කිරීම උන්වහන්සේට එරෙහි චෝදනායි.

ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවේ සහ විපක්ෂයේ මුස්ලිම් දේශපාලකයන් පසුගිය දින කිහිපය පුරා රජයේ ප්‍රධානීන්ට දැඩි ලෙස බලපෑම් එල්ල කරනු ලැබුවා.

Related posts

තෙල්දෙණිය සිද්ධිය ගැන ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

colombotoday

2020ට පසු වැඩිම සංචාරකයින් පෙබරවාරියේදී

Admin

සජිත් පැරදුනේ රනිල් නිසා

Admin

ප්‍රංශය මත් කරන්න ලංකාවෙන් තල් රා

Admin

පළාතෙන් පිට විනෝද ගමන්, සති අන්ත චාරිකා මැයි 30 තෙක් තහනම්

colombotoday

ලංකාවේ මුල්වරටයි… සමලිංගික කොඩිය කොළඹ අහසේ ලෙළදෙයි…

colombotoday