Colombo Today Local News

සජිත් පැරදුනේ රනිල් නිසා

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට ලොකුම බාධාව ඇති කළේ රනිල් වික්‍රමසිංහ මහතා බව සමගි ජන බලවේග ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවැසීය.

මේ අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වී දේශපාලනය කිරීමට කිසිසේත්ම අදහස් නො කරන බවත් ඔහු පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට බාධා නොකළා නම් ලක්ෂ 13ක ඡන්ද සංඛ්‍යාවක් වැඩිපුර ලබාගෙන ජනාධිපතිවරණය ජය ගැනීමට සජිත්ට අවස්ථාව තිබූ බවත් ඔහු පැවැසීය.

මේ අනුව ඉදිරියේදී පවත්වන මහ මැතිවරණය සඳහා තරග කරන්නේ සමගි ජන සන්ධානයෙන්පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීවේය.

රනිල් විකුමසිංහ මහතා සමඟ එකතු වීම පොහොට්ටුවේ මන්ත්‍රීවරු සමඟ එකතු වීමට සමාන බැවින් මහ මැතිවරණයේදී රනිල් – සජිත් එකතුවක් ගැන කතා කිරීමටවත් සමගි ජන බලවේගය සූදානම් නොමැති බව ඒ මහතා කීවේය.

එක්සත් ජාතික පක්ෂය පැරැණි න්‍යාය යළිත් වරක් ඉදිරිපත් කරමින් සමගි ජන බලවේගය වෙත සන්ධානගත වීමට ආරාධනා කළත් එය භාර ගැනීමට සූදානම් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

ජනපතිගේ නව බද්ද

Admin

රාජාංගනය Lockdown

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කරයි

Admin

Facebook හරහා මුදල් වංචා කළ තිදෙනෙකුට වැඩ වරදී

colombotoday

මැතිවරණ කොමිසමෙන් ස්වාධීන රූපවාහිනි සේවයට තහනමක්

colombotoday

අභියාචනාධිකරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි.

colombotoday