Colombo Today Local News

ජිනීවා ප්‍රශ්නෙට ට්‍රම්ප් අත දමයි.. විශේෂ නියෝජිතයෙක් මංගල හමුවෙයි

ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා වන යෝජනාව පිළිබදව අධ්‍යනය කිරීම සදහා ඇමරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයෙක් මෙවර මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ජිනීවා නුවරට පැමිණ සිට ඇත.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ජිනීවා නුවරදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර ද හමුවී සාකච්ඡා පවත්වා ඇති බව පැවසේ.

මේ පිළිබද මාධ්‍ය වෙත අදහස් පලකරමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා ජනවාර්ගික සමගිය පිළිබදව ඇමරිකාව දැඩි අවධානයෙන් පසුවන බව එම නියෝජිතයා තමන්ට දැන්වූ බවයි. ඇමෙරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කළ යෝජනාවට සහාය පළ කළ බව ප්‍රකාශ කළ ඇමැතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැමිණි පසු ඔහුගෙන් වාසි ගෙන බලය ලබාගැනීමට සිටින අයට එය දැන් සිහිනයක් වන බවද සඳහන් කළේය.

සන්ධ්‍යා එක්නැලිගොඩ කැඳවා මෙලීනා ට්‍රම්ප් ජනාධිපති ආර්යාව විසින් සම්මානයක් පිරිනැමීමෙන්ද එය සනාථ වන බවද ඇමැතිවරයා පැවසීය.

සන්ධ්‍යා එක්නැලිගොඩ මේ වන විටත් ශ්‍රී ලංකාවට සහ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව ක්‍රියාත්මක වී සිටින රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව කටයුතු කරන තැනැත්තියකි. ශ්‍රී ලංකා හමුදාව අවසන් යුද්ධයෙදී රසායනික අවි බාවිතා කරමින් දෙමළ ජනතාව සමූහ ඝාතනය කළ බවට සාවද්‍ය චෝදනාවක් ඇය විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර තිබිනී.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ජිනීවා අර්බුදය හා ඇමරිකානු මැදිහත්වීම මෙරටට වාසිදායක ලෙස කලමනාකරණය කර ගැනීමටනම් මංගල සමරවීර විදේශ ඇමති ධුරයෙන් ඉවත්කළ යුතු බව දේශපාලන විචාරකයන් පසුගිය දිනවලදී අදහස් පල කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද දැනුවත් කර තිබිණි.

ජිනීවා නිර්දේශ අනුව ස්ථාපිත කිරීමට නියමිත යුද අපරාධ අධිකරණයට විදේශීය විනිසුරුවන් සහභාගී කර නොගන්නා බවට ජනාධිපතිවරයා සහ රජය ප්‍රකාශ කරද්දී, යුද අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණය සදහා විදෙස් විනිසුරුවන් සහභාගී කරගන්නා බවට මංගල සමරවීර ඇමතිවරයා බ්‍රිතාන්‍යයේදී හා ජිනීවා හී දී ප්‍රකාශ කර තිබිණි.

Related posts

මිලියන 4ක කෘෂි රසායනික දියර සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday

අක්‍රීය බැංකු ගිණුම්වල ඇති මුදල් රජයට පවරාගනී… ජනවාරි 1දා සිට ක්‍රියාත්මකයි

colombotoday

ජනාධිපති අරමුදල ගෙවීම් කඩිනම් කරයි

Admin

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CID නොයයි…

colombotoday

“ණය ගන්න බය වෙන්න එපා… සාර්ථකත්වයට ප්‍රධානම කාරණය රනිල් වික්‍රමසිංහ ” – වජිර අබෙිවර්ධන කියයි

Admin

රාජ්‍ය ඇමති හතරක්, නියෝජ්‍ය ඇමති තුනක් දිවුරයි.. අලුත් තනතුරු ලැබූ අය මෙන්න

colombotoday