සිය පාලන කාලය තුළදීත් ආණ්ඩුවේ මාධ්‍ය හරහා ප්‍රකාශ කලේ ආණ්ඩුවේ දෑ පමණක් බව තමන් පිළිගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනපතිවරණ සමයේ ජාතික රූපවාහිනියේ විකාශය කරන ලද දැන්වීම් සදහා මුදල් නොගෙවීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට මහා පරිමාන වංචා පිළීබදව ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
එවකට ජනාධිපතිවරයා වශයෙන් ආණ්ඩුවේ මාධ්‍යවල නිතරම තමන් පිළිබදව ප්‍රචාරය වන බැවින් අමුතුවෙන් දැන්වීම් දැමීමට අවශ්‍ය නොවූ බවත්, එසේම සිය පාලන කාලය තුළදී ආණ්ඩුවේ මාධ්‍ය වලින් විකාශය වූ දෑ නොබැලූ බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසීය.