Colombo Today Local News

කෘෂිකර්මෙ සල්ලි ගිලින සිනමා නිලියගේ හිස් බිල්ඩිම : මාස 11ක කුළිය කෝටි 27 යි (Video)

වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි සඳහා මෙතෙක් මාසයකට රුපියල් දසදහසක මුදල ගෙවාගැනීමට නොහැකි වූ ආණ්ඩුව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ලබාගෙන මෙතෙක් භාවිතයට නොගත් සිනමා නිලියකට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලකට මාස 11ක් තුළ රුපියල් කෝටි 27ක මුදලක් කුලිය වශයෙන් ගෙවා ඇතිබව අද (23) පාර්ලිමේන්තුවේදී අනාවරය විය.

එම ගොඩනැගිල්ල සඳහා එක් මාසක කුලිය රුපියල් ලක්ෂ 245ක් බවට එහිදි අනාවරණය විය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ලබා දුන් පිළිතුරකින් මේ බව අනාවරණය විය.

රාජ්‍ය අමාත්‍යංශවල කාර්යාල පවත්වාගෙන යාමට මාසිකව රුපියල් කෝටි 150ක් පමණ වැය වන බවත් මේ වනවිට ඉන් රුපියල් කෝටි 100ක් පමණ අත්තිකාරම් වශයෙන් ගෙවා ඇති බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1455182827875304/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්…

colombotoday

බලපිටිය අධිකරණය අසල දී ගුරුවරයෙකුට වෙඩි

Admin

12ත් 15ත් අතර ළමුන් එන්නත්කරණය ඇරඹෙයි

colombotoday

අපට වෙච්ච දෙයින් පාඩමක් ඉගෙනගන්න

Admin

හුදෙකලා නොමැති ප්‍රදේශවල දහම් පාසල් ඇරඹෙයි

colombotoday

චැනල් ෆෝ නාලිකාව විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝව ඉවත් කර නැහැ

Admin