Colombo Today Local News

කිරිපිටි කිලෝව රු. 300 කින් ඉහළ යන ලකුණු

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 300 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සුදානම් වේ.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 120 කින් ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව වාර්තාවේ.

ලෝක වෙළඳපොළේ කිරිපිටි ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 5,500 දක්වා ඉහළ ගොස් ඇතැයි, කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ එවැනි පසුබිමක් තුළ කිරිපිටි මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය දැනුවත් කර ඇතැයි ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

Related posts

ලෝක බැංකු මහනගර සැළසුම (ජාතික භෞතික සැළැස්ම) ඉදිරියට… සොබා දහම වළපල්ලට !

colombotoday

සේවා සැපයීම තාවකාලිකව අත්හිටවූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වයි

colombotoday

සුනාමි ඛේදවාචකයට වසර 16යි

colombotoday

වැනෙන ඔරලෝසු බට්ටෙක් ගැන පියල් නිශාන්ත කියයි

Admin

නීතිවිරෝධීව සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට සහනයක්

colombotoday

‘ජනපති මරමු’ යි ෆේස්බුක් එකෙන් කියූ කෙනා අත්අඩංගුවට !

colombotoday