Covid 19

වවුනියාව පොලිසියේ කොරෝනා ආසාදිතයින් 16ක්

වවුනියාව පොලිස් කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් 16 දෙනකු කොවිඩ් – 19 වෛරසය ආසාදිතව හදුනාගත් බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

එම පිරිස වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකය , පොලිස් විශේෂ කාර්යංශය හා කොවිඩ් – 19 වෛරස වැළැක්වීම සඳහා වවුනියාව මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් බව සඳහන් කළේය.

වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවන් 17 ‍දෙනෙකු හා පොලිස් නිලධාරීන් සිව්දෙනකු කොවිඩ් – 19 වෛරසය ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ වවුනියාව පොලිස් නිලධාරීන්ගෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවකදී එම නිලධාරීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

වවුනියාව පොලිසියට අනුයුක්තව රාජකාරි කළ සිවිල් ආරක්ෂක භටයකුද වෛරසය ආසාදනය වී හඳුනාගෙන තිබේ.

ආසාදිත පිරිස් ඇසුරුකළ වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ, පොලිස් විශේෂ කාර්යංශයේ හා වවුනියාව පොලිස් මූලස්ථානයේ නිලධාරීන් 35 දෙනෙකු නිරෝධායනය සඳහා වවුනියාව ඕමන්ත පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බව වවුනියාව මූලස්ථාන පොලිසිය පවසයි.

වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ හා පොලිස් විශේෂ කාර්යංශයේ සේවයකළ තවත් නිලධාරීන් පිරිසක් නිවෙස් වෙත නිරෝධායනයට යොමුකර ඇති බව වවුනියාව පොලිසිය පසදහන් කරයි.

Related posts

තවත් කොරෝනා රෝගීන් පහක් හමුවෙයි. මුළු ආසාදිත සංක්‍යාව 373 දක්වා ඉහලට

colombotoday

ඊයේ හමුවු කොවිඩ් ආසාදිතයින්

colombotoday

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 200ක් රෝහල් වල

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 353ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday

පිළියන්දල මාළු ව්‍යාපාරිකයෙකුටත් කොරෝනා

colombotoday