Colombo Today Local News

රිෂාඩ්ට පාර්ලිමේන්තු එන්න පසුකම් සලසන්න – පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා CIDයට දන්වයි

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් ඉල්ලීමක් කළහොත් ඒ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවීමට අවශ්‍ය කටයුතු සකසන ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබේ.

නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි එම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

ලබන මැයි 04 සහ 05 යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර ඇති බැවින් පෙ.ව. 9.30 වන විට මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට කැටුව ඒමට කටයුතු කරන ලෙසද දන්වා තිබේ.

එමෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුකොට ගෙන සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව බදියුදීන් මහතාව පාර්ලිමේන්තුවට රැගෙන ආයුතු බවද ප්‍රනාන්දු මහතා විසින් වැඩිදුරටත් දන්වා ඇත.

Related posts

දෙහිවල සතුන් වත්තේ සතුන්ගේ කෑමෙන් කෝටි ගාණක් හොරාකාලා

colombotoday

SB නපුංසකද ? නැද්ද ? බලන්න පරීක්ෂණයක්!

colombotoday

“මුස්ලිම් ජනතාව අතරට දැන් අපි කොහොමද යන්නේ ?” – මුස්ලිම් කොන්ග්‍රස් ලේකම් නිසාම් කාරියප්පර් දුක කියයි

colombotoday

ඤාණසාර හිමිට එරෙහිව නීතීඥ සංගමයේ 100ක් හෝමාගමට… නඩුව හවසට කැදවන්න හේතුව එයයි!

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

රන් මිල තවත් ඉහළට

colombotoday