Colombo Today Local News

විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගත් තරග විභාගය වෙනුවට සම්මුඛ පරීක්ෂණයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට පැවැත්වු තරග විභාගය වෙනුවට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් තුළින් සුදුස්සන් තෝරාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.

මේ වන විට රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තරඟ විභාගයක් සහ සම්මුණ පරීක්ෂණ පවත්වා විධිමත් පත්වීම් ලබාදීමට වසරකට ආසන්න කාලයක් ගත වන බවට නිරීක්ෂණය වී ඇතැයි රජය පවසයි.

ඒ අනුව දැනට දීර්ඝ කාලයක් ගුරු සේවයේ සුදුසුකම් ලත් අයට සහ සේවා ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් සපුරන ගුරු සේවයේ අනෙකුත් පිරිසට ද විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් විය හැකිය.

විදුහල්පති සේවයේ I, II හා III ශ්‍රේණි සඳහා පුරප්පාඩු 4,600ක් පවතී.

ඒ අනුව වත්මන් තත්ත්වයට පමණක් සීමා වන පරිදි ව්‍යුහගත පරීක්ෂණයක් තුළින් බඳවා ගැනීම් සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ගේ බිරිය “හීන් මැණික්” මිය යයි.

colombotoday

කිව්.ආර්. ක්‍රමවේදය යළි ගේන්නේ නෑ – ඇමති කංචන කියයි

Admin

දළදා මාලිගය අසල පාර අරිනවාට මල්වතු අස්ගිරි දෙපාර්ශවයේම විරෝධය: නිළ වශයෙන් කියයි

colombotoday

ඥානසාර හිමි ධර්ම සංගායනාවකට පෙරමුණ ගනී

colombotoday

ගායන ශිල්පී දීපාල් සිල්වා දිවි ගමන නිම කරයි

colombotoday

මැතිවරණ කොමිසම වහයි.. ගිණුම් අංශයේ සේවකයෙක්ට කොවිඩ්

colombotoday