Colombo Today Local News

අල්ලස් ගත් කම්කරු කාර්යාල නිලධාරි‌යා අත්අඩංගුවට

මහනුවර දකුණ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරීයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රුපියල් දස දහසක අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේදීය.

සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් කඩුගන්නා ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා සැකකාර කම්කරු නිලධාරියා රුපියල් තිස් දහසක අල්ලසක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව සඳහන් කළේ ය.

රුපියල් පහලොස් දහසක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති සැකකරු මීට පෙර රුපියල් පන්දහසක මුදලක් ලබාගෙන තිබේ.

Related posts

ජපනා රුපියල් කෝටි 350ක් ඉවත් කර ගනියි ! සෙලාන් බැංකුව අනතුරේ !

colombotoday

එල්ටීටීඊය ප්‍රතිසංවිධානය කල පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

“ජයලලිතාගේ අභාවය අපට පාඩුවක්“ – විපක්ෂනායක සම්බන්ධන්

colombotoday

අපේ අපේක්ෂකයන් පාර්ලිමේන්තු යන්නේ මනාප ක්‍රමයටයි

Admin

10%ක් ඉන්ටර්නෙට් පාවිච්චි කළොත් දළ දේශීය නිෂ්පාදිතය 1.2%කින් වැඩිවෙනවා – හරීන්

colombotoday

බන්ධනාගාරයට කලිසම් වාටියක සඟවා මත්කුඩු ගෙන යෑමට තැත්කළ එක්දරු මවක් අත්අඩංගුවට

colombotoday