Colombo Today Local News

“ජයලලිතාගේ අභාවය අපට පාඩුවක්“ – විපක්ෂනායක සම්බන්ධන්

r sambandan

තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මියගේ අභාවය තමිල්නාඩුවට පමණක් නොව මෙරට ද්‍රවිඩ ප්‍රජාවටද දැරිය නොහැකි පාඩුවක් බව දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි.

ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සම්බන්ධන් මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ කතා කරන ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධ ගැටළුවලට විසිදුම් සෙවීම පිළිබදව ඇය විශේෂ උනන්දුවක් දක්වමින් කටයුතු කළ අතර තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී ඒ පිළිබදව විශේෂ යෝජනා ගණනාවක්ම සම්මත කර ගැනීමට කටයුතු කල බවයි.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ඇය ඉන්දීය මධ්‍යම රජය හා එක්ව කටයුතු කිරීමටද ඇය ක්‍රියාකළ බව පෙන්වා දෙන විපක්ෂනායකවරයා ඇයගේ රජය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් දැක්වූ සහයෝගයට කෘතඥතාවය පලකරන බවද එම ශෝක පණිවුඩයේ සදහන් කර ඇත.

 

Related posts

ගංවතුරට ගසා ගිය පුද්ගලයෙකු අතුරුදන්

Admin

අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර

colombotoday

එජාපය පික්පොකට් ගැහුවේ වතු කම්කරුවන්ගේ අර්ථසාධකයයි

colombotoday

කොත්තු මිල පහළට

Admin

ශනිල් නෙත්තිකුමාරට ඇප

colombotoday

ක්ලබ් වසන්ත ඝා-තනයේ වෙඩික්කරුවන් දෙදෙනාම අත්අඩංගුවට

Admin