Colombo Today Local News

අධිකරණයට අපහාස කලා යැයි වෛද්‍ය පාදෙණිය ට එරෙහි පැමිණිල්ලට අදාළ ලිඛිත දේශන කැඳවීම මැයි මස 10 වන දා

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ට අදාළ ලිඛිත දේශන මැයි මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (03)දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදුනි.

මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබූණි.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව වග උත්තරකරු විසින් සිදුකළ ප්‍රකාශය අඩංගු සංයුක්ත තැටියක් ඉදිරිපත් කිරිමට අවසර ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා විරෝධය පළ කළේය.

ඉන් අනතුරුව මෙම කරුණට අදාළව මැයි මස 10 වනදා ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියම කළේය.

2017 වසරේ කොළඹ පැවැති මහජන රැස්වීමකදී මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙණිය මහතා කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුකළේ යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Related posts

රනිල් පන්නා කරු,සජිත් අගමැති කරන්න තිරය පිටුපස මෙහෙයුමක්… විශ්වාසභංගයකුත් ලෑස්තියි !

colombotoday

අගමැති දැන් එක්ස්පයර්… රන්ජන් බැට් කරන්න ඉල්ලයි (Video)

colombotoday

මහජන සේවය ඉටු නොකිරීම ගැන ජනපති හේතු එපා කියයි

Admin

ETI ෆයිනෑන්ස් සහ ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ?

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් පසු නවතා දමා තිබු පකිස්තානු මක්තබ් මද්‍රසා යලි ආරම්භ කිරීමට උලමා සභාව සුදානමින්

colombotoday

මහබැංකුවට “කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ” කොටි සබදකම් නැති සුදුස්සෙක් ආණ්ඩුවට නැද්ද!

colombotoday