Colombo Today Local News

පාස්කු ප්‍රහාරයෙන් පසු නවතා දමා තිබු පකිස්තානු මක්තබ් මද්‍රසා යලි ආරම්භ කිරීමට උලමා සභාව සුදානමින්

පාස්කු ප්‍රහාරයෙන් පසු නවතා දමා තිබු පකිස්තානු “මක්තබ් මද්‍රසා” නැවත හෙට(18) ආරම්භ කිරීමට සමස්ත ලංකා උලමා සභාව සුදානමින් සිටින බවට බොදු බල සේනා සංවිධානය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. එම මාධ්‍ය නිවේදනය පහතින්….

බොදු බල සේනා මාධ්‍ය නිවේදනය – 2019/06/17

පාස්කු ප්‍රහාරයෙන් පසු නවතා දමා තිබු පකිස්තානු මක්තබ් කුරාණ අන්තවාදී ළමා අද්‍යාපනය ක්‍රමය නැවත ලබන 18 වැනිදා සිට යළි ආරම්භ කිරිමට සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ නායක රිස්වි මුෆ්ති තීරණය කර ඇති බව අප වෙත තොරතුරු වාර්තා වේ.

එමෙන්ම මක්තබ් මද්‍රරාසා තුල මෙතුවක්කල් නියම කර තිබු අරාබි නිල ඇදුම් වන කලු සුදු ලෝගුව තාවකාලිකව නැවත දැනුම් දැනතුරු නොහැඳ ඒ වෙනුවට විනයානුකූල ඇදුමෙන් සැරසි මක්තබ් මද්‍රරාසා වෙත එන ලෙස පැවසිම තුලින් ගම්‍ය වන්නේ මෙය හොර රහසේ පටන් ගැනීම සඳහා සුදානම් වන බවය.

මෙරට තුල අරාබි සංස්කෘතිය ස්ථාපිත කිරීමට උත්සහ ගැනීම සහ සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය සාමාන්‍ය ජන සමාජයෙන් වෙන්කර සමාජ බෙදුම්වාදය ඇති කිරීමට උත්සහ ගන්නා උලමා සංවිධානයට, රට තුල අනවශ්‍ය ගැටුම් ඇති නොකර වහාම එය අත්හිටුවීමට ක්‍රියා කරන ලෙස අපි ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. එමෙන්ම අපි උලමා සංවිධානයේ නායකයාට අවදාරණය කර සිටින්නේ, තමුන් පවා ඉගෙන ගත්” තාලීමුල් කුරාණ ළමා අරාබි හෝඩිය” අද්‍යාපන ක්‍රමය යළි ස්තාපනය කර මෙරට තුල වහබ්වාදය ව්‍යාප්ත කිරීමට තම සංවිධානය සැබෑ ලෙසටම විරුද්ධ බව ඔප්පු කර පෙන්වන ලෙසටය.

පාරම්පරික මුස්ලිම් පල්ලිවල විනයානුකූල ඕනෑම ඇදුමක් සැරසී අරාබි හොඩිය ඉගෙන ගත හැකි ආකාරයට නොමිලේ ලබා දුන් “තාලිමුල් කුරාණ” නිදහස් අද්‍යාපන ක්‍රමය උලමා සංවිධාන නායකයා විසින් අහෝසි කර පල්ලියෙන් පාරිබාහිර, ගාස්තු අයකරන අන්තවාදී පන්නයේ “මක්තබ් කුරාණ මද්‍රරාසා” මද්‍යස්තාන ලෙස ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

ඉන් නොනැවතනු සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය එයට අරාබි නිල ඇදුම් සංස්කෘතියක්ද හදුන්වා දී ඇත.

උලමා සංවිධාන මුලස්ථානය කේන්ද්‍ර කරගෙන රටපුරා “මක්තබ් මද්‍රරාසා” දහසකට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වන අතර, ඔවුන් විසින් එක් ළමයෙකු ගෙන් දහසකට ආසන්න වු ඇතුලත් විමේ ගාස්තුවක් ලබා ගෙන අරාබි නිළ ඇදුම් වලට හා මක්තබ් පොත් පිංචයටද තවත් ගාස්තුවක් අය කරනු ලබමින් සිටියි.

ඊට අමතරව එක් ළමයෙකුගෙන් මාසිකව රුපියල් පන්සියක මුදලක් අය කරනු ලබන අතර ඒ තුලින් මාසිකව මිලියන ගානක මුදලක් උලමා සභාව වෙත එක් රැස් වේ. එම මුදල් කුමන කාරණයක් සඳහා යෙදවන්නේද කියා ප්‍රභල සැකයක් සමාජය තුල මතුව ඇත.

මුලදී හලාල් සහතිකකරණය මගින් තම ආදායම තර කරගත් උලමා සංවිධානය, දැන් පාරම්පරිකව නොමිලේ ලබා දුන් අද්‍යාපන ක්‍රමයද අමු අමුවේ මහ දවල් මංකොල්ල කා ඇත.

ඒ මෙන්ම ඔවුන් ඉස්ලාමීය ශරියා බැංකුවලින්ද මාසිකව ඉහළ දනස්කන්දයක් උපයමින් සිටි.

මේ සියල්ලටම අප ජූලි 7 මහ නුවර සමුලුවේන් පසු තීරණ ගැනිමට තීන්දු කර ඇත්තෙමු.

ඒ සියල්ලට ප්‍රථම අප සඳහන් කර සිටින්නේ, සහරාන් පන්නයේ කට පාඩම් දිවුරමකින් පටන් ගෙන ළමා මනසට දැඩි ආතතීයක් හා කට පාඩම් නොමැති ළමයිනට වේවැල් තරවටු තුලින් ළමා හිංසනයක් ඇති කරන “මක්තබ් මද්‍රරාසා ක්‍රමය” වහාම හකුලා ගන්නා ලෙසටය.

අවසාන වශයෙන් බලදාරීන්ගෙන් අප අසා සිටින්නේ ඉස්ලාමීය රටක් වන පාකිස්තානයේ හිටපු අගැමති ෆර්වේස් මුෂාරෆ් පවා තහනම් කල පාරම්පරික නොවන අන්තවාදී මද්‍රරාසා ලංකාවේ තහනම් කරන්නේ කවදාද කියාය?

එසේ නොමැති නම් තවත් සහරාන් කෙනෙකු බොම්බයක් පුපුරවන තෙක් බලා සිටින්නේද කියාය?

බොදු බල සේනා මාධ්‍ය අංශය,

Related posts

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වැසේ

Admin

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවාදීමේ චෝදනාව ජාත්‍යන්තර මාධ්‍ය අවුලයි.. ඉන්දියාව කැලඹෙයි

colombotoday

මහමෙවුනාවේ සුබෝධි හිමි සංඝ සභාවෙන් ඉවත් කළා. තවත් පියවර රාශියක් ඉදිරියේදී ගන්නවා. | කල්‍යාණවංශ පාර්ශවය කියයි.

colombotoday

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

Admin

පාසල් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමේ තීරණයක්

Admin

තද වැසි පිළිබද අවදනාත්මක නිවේදනයක්

colombotoday