Colombo Today Local News

හාල් නැවක් මග එනවා.. අඩුවට දෙනවා, ටිකක් ඉවසන්න.. ආණ්ඩුව මූදට දත නියවයි !!

විදේශීය සහල් ශ්‍රී ලංකාවට ළඟාවෙමින් පවතින හෙයින් ඉදිරි දෙසතිය ඇතුළත සහල් මිල පහත වැටෙනු ඇති බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම පවසයි.

නියඟය හේතුවෙන් අස්වනු අඩුවීමත් සමඟ සහල් මිල ඉහල යනතුරු මෝල් හිමියන් සිය සහල් තොග සඟවාගෙන සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වෙළඳපොලේ සහල් මිල ඉහළයාම සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් යෙදීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අමාත්‍ය අමුණුගමගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත්කරනු ලැබ තිබේ.

වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් සහ ග්‍රාමීය කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පී හැරිසන් කමිටුවේ අනෙක් සාමාජිකයෝය.

“නියඟය නිසා මහ කන්නයේ අස්වැන්න සියයට පනහකින් පමණ පහත වැටුනා. මේ නිසා රජයට සිදුවුනා, මං හිතන්නේ, සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂයක් විතර ආනයනය කරන්න. නමුත් හාල් ගේන්න ලොකු ප්‍රමාදයක් වුනා. මොකද, දැන් කල්කටාවේ ස්ට්‍රයික් එකක් තියෙනවා. හාල් මිල එහෙත් ටිකක් වැඩිවෙලා තියෙනවා,” අමාත්‍ය අමුණුගම පැවසීය.

එමෙන්ම මුල් අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සහල් මෝල් හිමියන් සහල් සඟවාගෙන සිටීම වෙළඳපොලේ සහල් මිල ඉහලයාමට තවත් හේතුවක් වූ බව අමාත්‍යවරයා පිළිගත්තේය.

“ඒගොල්ල තමයි හංගගෙන හිටියේ මුලට. නමුත් දැන් ඒගොල්ලන්ට විශාල වාසියක් නොලැබුනත් දැන් ඒගොල්ල ළඟ තියෙන වී කොටලා වෙළඳපොළට එවන්න ඕන.”

කෙසේ නමුත් විදේශීය සහල් ඉදිරි දින කිහිපය තුළදී ශ්‍රී ලංකාවට ළඟා වන බවත් මෝල් හිමියන් විසින් වී තොග සඟවාගෙන සිටිනු ලැබීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොවන බවත් අමාත්‍ය අමුණුගම අවධාරණය කළේය.

BBC

Related posts

භාරකාර රජයේ ඇමති මණ්ඩලයට ජනපතිගෙන් කොන්දේසි මාලාවක් !

colombotoday

පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලා

Admin

හෙට දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක්

colombotoday

උ/නැගෙනහිර වෙනම රාජ්‍යයක්, වතුකරයේ ස්වාධීන කලාපයක් ඕනෑ – විග්නේශ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72කට ස්ථාන මාරුවීම්

colombotoday

ශ්‍රී ලංකා භූමියෙන් 18%ක් ඇමරිකාවට දෙන MCC ගිවිසුමට කැබිනට් අනුමැතිය…

colombotoday