Colombo Today Local News

හෙළ උරුම – එජාප දීගය තව දුර යයි.. එකම පෙරමුණකින් පුංචි ඡන්දයට !

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග කිරීම තීරණය කර තිබෙන බව එම පක්ෂයේ පළාත් පාලන කමිටුවේ සභාපති පූජ්‍ය බුදුගල ජිනවංශ හිමියන් පවසයි.

ඒ අනුව දිවයිනේ උතුරු නැගෙනහිර පළාත්වල හැර සෙසු දිස්ත්‍රික්ක 18ක පළාත් පාලන ආයතන සියල්ලටම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සදහා අයදුම්පත් කැදවා ඇති බව උන්වහන්සේ සදහන් කරයි.

අයදුම් පත්‍ර එවන ලද පුද්ගලයන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 18 වැනිදා පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වා බත්තරමුල්ල,පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුමයප්‍රධාන කාර්යාලයේදී පවත්වන බවද උන්වහන්සේ කියා සිටියහ.

උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි දිස්ත්‍රික්කවලින් අයදුම්පත්‍ර නොකැඳවීමට පක්ෂය විසින් තීරණය කර තිබුණද, යාපනය දිස්ත්‍රික්කයේ දමිළ බෞද්ධයෙකු විසින් අපේක්ෂකත්වය ඉල්ලා අයදුම්පතක් එවා තිබෙන බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසයි.

Related posts

පිටකොටුව මගේ බලකොටුවක් – ෆයිසර් මුස්තාපා

colombotoday

ලංගමට අයත් සියලු රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ නිවාඩු අවලංගුකරයි

colombotoday

දේශපාලන පිටියේ විශාලම පෙරළියක් අද

Admin

කොටි හිතවාදී චිත්‍රපටය ඉන්දීයාවේ ප්‍රදර්ශනය තහනම් කරයි

colombotoday

හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

colombotoday

ජනපතිවරණයට සජිත් හංස ලකුණින්

colombotoday